Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
30
"ඒ සම්බන්ධය නම් මැරෙනකල් නතර කරන්නේ නැහැ.." - ෂෙරිල් ඩෙකර් - Photos

- "ඒ සම්බන්ධය නම් මැරෙනකල් නතර කරන්නේ නැහැ.." - ෂෙරිල් ඩෙකර් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,304 Views
"අපි දෙන්නා ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ එකට.."

"මම කොටට අදින්න බය නැහැ..හිතුණොත් ඒ වගේ නිර්මාණයකට යනවා.."

නර්තනයෙන් ඇස් වශී කරන ඇය රංගනයටත් දක්ෂයි.නිරන්තරයෙන් දකින්න නොලැබුණත් රසිකයින්ගේ ආදරය දිනා ගත් ඇය ෂෙරිල් ඩෙකර්. ඇයගේ අලුත් තොරතුරු කතා කරන්න ඇයව හිරු ගොසිප් එක්ක එකතු කරගත්තා. මේ ඇයගේ අලුත් තොරතුරුයි.
ෂෙරිල්ව කාලයක් ටෙලි නාට්‍ය වලින් දකින්න ලැබුණේ නැහැ. දැන් ෂෙරිල්ට ටෙලිනාට්‍ය අරහං වෙලාද..?
මම කොහොමත් නිශ්ශබ්ධ චරිතයක්. ඉස්සර ඉදලම මම ටෙලිනාට්‍ය තෝරාගෙන රගපෑවේ. මම ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් ගියත් රගපාලා තියෙන්නේ නාට්‍ය 5ක විතරයි. ඒ හැම නාට්‍යක්ම මගේ චරිතය ජනතාවගේ මතකයේ තියෙනවා. අදටත් මට කතා කරන්නේ ඒ නම් වලින්. ආරාධනා කොයිතරම් ලැබුණත් මම චාරිතයට කැමති වෙන්න ඕන. කැමැත්ත ඇතිවෙන චරිතයක් පිටපතක් ලැබුණොත් තමයි මම ටෙලිනාට්‍ය වලට යන්නේ. ටෙලිනාට්‍ය රගපෑම නතර කරලා නැහැ. ලැබෙන හැම චරිතයක්ම කරලා සල්ලි හොයන්න පුළුවන්.එත් ජිවිතේ කියන්නේ සල්ලිම නෙමෙයිනේ.

ඒ කියන්නේ ෂෙරිල් දැන් හොදට හම්බ කරලා ඉවරයි. එහෙමද..?
මම එහෙම කියන්නේ නැහැ. ජිවත් වෙන්න සල්ලි ඕන. එත් ජිවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට හම්බකරොත් ඇති. ගොඩක් දුක් විදගෙන එහෙම සල්ලි හම්බ කරන්න වුවමනාවක් නැහැ.

වැඩිය දකින්න නැති වෙනකොට රසිකයින්ට ඔබව අමතක වෙයි කියලා හිතෙන්නේ නැද්ද..?
මම හිතන්නේ මට ඉස්සර ලැබුණු ප්‍රතිචාර අදටත් එහෙමම ලැබෙනවා. ආදරේ කරනවා. මාව වැඩිය දකින්න නැහැ කියලා මාව අමතක වෙලා නැහැ කියලයි මම හිතන්නේ. කොහොම වුණත් නිර්මාණ මගහැරෙද්දී සම්බන්ධ නොවී ඉද්දි මට දුකක් කණගාටුවක් පසු තැවීමක් ඇති වෙලා නැහැ.

රුවන්ගේ වාරණ වලටත් යටත් වෙනවා ඇති..?
විශේෂයෙන්ම එයා මට කලාවේදී වාරණ දන්නේ නැහැ. නිර්මාණයකට මට ආරාධනා ලැබෙද්දී එයා කියන්නේ ඔයා මට කලින් ෆීල්ඩ් එකට ආවේ ඒ නිසා තෝරා ගැනීමේදී ඔයාට හොද අවබෝධයක් තියෙනවා කැමති ඒවාට සම්බන්ධ වෙන්න.." කියලයි. නමුත් මට එකම රාමුවකට කොටු වෙන්න බැහැ. 2008 තමයි මුලින්ම ඉර හද යට චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ඊට පස්සේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් නාට්‍ය 50ක් 100ක් කළා වගෙයි ප්‍රතිචාර ලැබෙන්නේ.

රංගන ශිල්පිනියකටත් වඩා ඔබ නර්තනයට දක්ෂයි.. දැන් නටන එක නතර කරලා නැද්ද..?
මම නර්තනයට හෝ රංගනයට සම්බන්ධ වෙන්න හීන දැක්ක කෙනෙක් නෙමෙයි.පාසල් කාලෙන් පස්සේ මම මුලින්ම රැජිනි සෙල්වනායගම් මිස් ලග නර්තනය ඉගෙන ගත්තා. ඊට පස්සේ කුලසිරි බුදවත්ත සර් ලග නර්තනය් ඉගෙන ගත්තා. ඒ කාලේ තමයි ගයාන් ශ්‍රීමාල් අයියා මගේ දක්ෂතා දැකලා නටන්න කතා කළේ. මම කැමති වුණේම නැහැ. අම්මාගේ බල කිරීමට තමයි මම ඒක කළේ. ඊට පස්සේ තමයි රගපාන්න අවස්ථා ලැබෙන්නේ. කොහොම නමුත් මම නර්තනයත් එක්ක තියෙන සම්බන්ධය  නම් මැරෙනකල් නතර කරන්නේ නැහැ.මට හිතෙන හැමදවසකම සින්දු දාගෙන ගෙදර නටනවා. ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා. ඒක මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්.මට හිරු රුපවාහිනියේ සිහින රැයටත් අකලංක එක්ක නටන්න ආරාධනා කළා. අපි දෙන්නා 31 රෑ සිහින රැයට නටනවා. අනිවාර්යෙන්ම බලන්න කියලා මගේ රසිකයින්ගෙන් ඉල්ලනවා.

ගී රුපරචනා සදහා අඩනිරුවත් වෙන්න හෝ අසබ්‍ය දර්ශනයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවද..?
එහෙම නිර්මාණ බිහිවෙනවා. ඒ නිර්මාණ වල ඉන්න නිළියන්ට බණින එක වැරදියි. ඒ අයට හොද නිසානේ සම්බන්ධ වෙන්නේ.ඒක රගපෑමක් විතරයි. අනික පිටරටවල්වල යන නිර්මාණ ඕන තරම් තියෙන්නේ.අපේ රටේ සංස්කෘතිය කියලා සමහර අය හොරෙන් කර දේවල් කොච්චර තියෙනවාද. සමහර මිනිස්සු මානසික ලෙඩ්ඩු වගේ කොටට ඇන්දත් වැරදි පේනවා.මම මගේ රටට ගොඩක් ආදරෙයි. ඒත් සමහර මිනිස්සු හරි මෝඩයි. ඒගැන මම ලජ්ජා වෙනවා. මම නම් කොටට අදින්න බය වෙන්නේ නැහැ. ඒ වගේ නිර්මාණයක් ලැබුණොත් හොද නම් වෙනසක් තියෙනවා නම් මම හිතලා බලලා තීරණයක් ගන්නවා.

රුවන් වගේම ෂෙරිල් නිර්මාණ වලදී එකට දැක්කට දැන් දෙන්නා දෙපැත්තේ කියන්නේ ඇත්තද..?
කවුද ඔය වගේ බොරු කියන්නේ. අපි දෙන්නා ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ එකට. වැඩක් නැති දවසට මම ගෙදරට වෙලා නිදහසේ ඉන්නවා. සංගීත ප්‍රසංග තියෙනකොට එයා රෑට යනවා. අපි දෙපැත්තක නෙමෙයි ඉන්නේ එකට. ඒ කතා බොරු. එකට දකින්න නැති වෙද්දී වෙන් වෙලා කියලා කතා හදනවා. අපි නම් සතුටින් ඉන්නවා. රුවන් ලස්සන සින්දුවක් කළා. මම ඒකටත් ඉන්නවා. එයා මුල්ම වතාවට තමයි වෙන රටක රුපරචනයක් රූගත කළේ. මැලේෂියාවේ. එක නර්තනයත් එක්ක යන සින්දුවක්. වෙනස්ම එකක්. අඩන සින්දුවක් නොවන නිසා බැණුම් අහන්න වෙයිද දන්නෙත් නැහැ.

රුවන් ගෘහමුලිකයාගේ වගකීම ඉටු කරන ස්වාමි පුරුෂයෙක්ද..?
පුළුවන් හැම වෙලාවකම  එයා මට උදව් කරනවා.

ෂේරිල්ට ගෙදර වැඩ පුළුවන්ද..?
මට උදව්වට කට්ටිය ඉන්නවා. මම නිදහසේ ගෙදර ඉන්න වෙලාවට මම උයනවා. වැඩිපුරම හදන්නේ කේක් තමයි. ඒකත් සමහර දවස්වලට රෝස් පාන් වගේ වෙනවා. මට ගෙදර වැඩ පුළුවන්.

ෂෙරිල් විලාසිතා වලට ලොකු කැමැත්තක් තියෙනවා නේද..?
ඔව්. මම ගොඩක් කැමතියි පිටරට සංචාරය කරන්න. මේ වෙනකොට මම රටවල් 14කට විතර ගිහින් තියෙනවා.ළගදි කැනඩාවේ මැලේෂියාවේ ගියා.දෙසැම්බර් ඉතාලි යනවා. ගිහින් විලාසිතා ෆලෝ කරනවා.ඇදුම් පැළදුම් ගන්නවා. මම කොහොමත් පිරිසිදුව ලස්සනට ඉන්න කැමති කෙනෙක්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  3,042 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  795 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,860 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  4,667 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,103 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  4,863 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,031 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,318 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  615 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  3,395 Downloads



Top 10 Commenters

Latest Comments

Top