නාවික ඉංජිනේරුවරයකු ලෙස විදෙස් රටක සේවය කරලා.
යතුරුපැදියක් බේරන්න ගිහින් මෝටර් රථය අනතුරට ලක්වෙලා..
පන්නිපිටිය මහල්වරාව හන්දියේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබුණා.
අධික වේගයෙන් ධාවනය වූ සුපිරි මෝටර් රථය එහි වේගය පාලනය කරගත නොහැකිව එලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
එම අනතුරින් රථය පැදවූ තරුණ නාවික ඉංජිනේරුවරයකු මියගොස් රථයේ ගමන් ගත් තවත් පස්‌දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (29) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොට්‌ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද පදිංචිව සිටි අලුත්ගමආරච්චිගේ ලුමාල් මධුසංඛ (24) නමැති තරුණයෙකුයි.
මියගිය තරුණ ඉංජිනේරුවරයා විදෙස් රටක නැවක සේවය කරන නාවික ඉංජිනේරුවරයකු බව අනාරණය වී තිබෙනවා.
ඔහු නිවාඩුවට ලංකාවට පැමිණ ඇත්තේ පෙරේදා (28) බවත් ඔහු තම මිතුරන් සමග මහරගම ප්‍රදේශයේ මිතුරකුගේ සාදයකට ගොස් නැවත කොට්‌ටාව දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව හෙළිවූ බවයි පොලිසිය පවසන්නේ.
අතුරු මාර්ගයකින් එක්‌වරම දැමූ යතුරුපැදියක් බේරීමට යැමේදී රථය පැදවූ ඉංජිනේරුවරයා එක්‌වරම තිරිංග තද කිරීමත් සමග රථය මාර්ගයෙන් ඉවතට පැන ඇතැයි හෙළිව තිබෙනවා.
රොහල්ගතව සිටින අයගේ තත්ත්වය බරපතළ නොවන බව හෝමාගම රෝහලේ ප්‍රකාශකයෙක් පවසා ඇත.