පසුගියදා ගණිකා වෘත්තියේ නියැළිම හේතුවෙන් අත් අඩංගුවට පත්වු ඉන්දීය නිළියක් වන ස්වේතා බාසු වෙනුවෙන් පෙනී සිටින බවට සුපිරි නිළි දීපිකා පදුකෝන් ප්‍රකාශකොට ඇති බවට වාර්තා වේ.
ඇය ඉන්දීය පුවත්පතකට අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ ස්වේතා බාසු දෙස වැරදි ඇසකින් බැලීම නොකලයුතු බවයි.
මෙම තත්වයට ඇය පත්වීමට පෙර ක්ෂේත්‍රයේ අනෙක් නිළියන්ට ඇය වෙනුවෙන් මැදිහත් වීමට අවස්ථාව තිබූ බවත් දීපිකා පවසා ඇත.
එම නිසා මින් මතුවට ස්වේතා බාසු වෙනුවෙන් තමන් පෙනී සිටින බව දීපිකා ප්‍රකාශකොට ඇත.
දීපිකා සදහන් කර ඇත්තේ ගණිකාවක ලෙස හැසිරීම නිළියකට නොගැලපෙන කටයුත්තක් බව පිලිගන්නා නමුත් ස්වේතා එම කරදරයට ගොදුරකරගත්තේ සමාජය විසින් බවත්ය.
එක් රැයක ඉන්දීය රුපියල් ලක්ෂයක් (ශ්‍රිලංකා රැපියල් ලක්ෂ 3ක් ) අය කරමින් ගණිකා සේවය නිරත වූ ස්වේතා බාසු නම් 23 හැවිරිදි ඉන්දීය නිළිය පසුගිය 2වනදා අත් අඩංගුවට පත්විය.
ඇයට එල්ලවී ඇති චෝදනා වන්නේ සිය වෘත්තියට අගෞරව වන ආකාරයෙන් හැසිරීමයි. එම හේතුවෙන් ඇය පරිවාස භාරයට ගෙන ඇත.