Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
06
මහාපරිමාණ ඖෂධ ජාවාරමක සුලමුල හෙළි වෙයි (රහසිගත වීඩියෝ සහිතයි)

- මහාපරිමාණ ඖෂධ ජාවාරමක සුලමුල හෙළි වෙයි (රහසිගත වීඩියෝ සහිතයි)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

85 Views

මෙරට සිදුවන මහා පරිමාණ වංචා පසුපස හඹා යන හිරු සී.අයි.ඒ. මෙවර නාවල ප්‍රදේශයේ සිදුකරනා මහා පරිමාණ ඖෂධ ජාවාරමක තොරතුරු හෙළි කර ගත්තා.

දින ගණනාවක් පුරා මේ පිළිබද ඇස ගසාගෙන සිටි හිරු සී.අයි.ඒ. මෙම ජාවාරමේ සියළු තොරතුරු රහසිගතව රූගත කළා.

මෙම ජාවාරම සිදුවන්නේ නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි ඖෂධ සමාගමක තොග රැස්කර තබා ගන්නා ස්ථානයකයි.

කලක පටන් මෙම ස්ථානයේදී, කල් ඉකුත් වු ඖෂධ දින වකවානු වෙනස් කරමින් වෙළදපළට නිකුත් කරනා බවට රහසිගත තොරතුරුක් ලැබුනා.

වෙළද ව්‍යාපාරිකයන් ලෙස වෙස් ගත් හිරු සී.අයි.ඒ කණ්ඩායම මෙම ස්ථානයට ලගාවුයේ ඖෂධ තොග වශයෙන් මිලදී ගන්නා ව්‍යාපාරිකයින් ලෙසයි.

එම අවස්ථාවේදි ඖෂධ පිළිබද කථා බහක් සිදුවෙමින් තිබූ අතර, අදාළ නිවසේ පිටුපස කාමරයක රහසිගතව කල් ඉකුත් වු ඖෂධ නැවත සකස් කරනා අන්දම සුක්ෂමව කැමරා කාචවල සටහන් කර ගැනීමට හිරු සී.අයි.ඒ. කණ්ඩායම සමත්වුණා.

කල් ඉකුත් වු ඖෂධ ව්‍යාජව වෙළද පලට නිකුත් කරනා මෙම ස්ථානයේ සියළු තොරතුරු රැස් කර ගැනීමෙන් අනතුරුව හිරු සී.අයි.ඒ කණ්ඩායම මේ පිළිබදව පානදුර වලාන දුෂණ මර්දන ඒකකය වෙත දැනුම් දුන්නා.

සී.අයි.ඒ. ලබාදුන් තොරතුර මත මෙම ස්ථානය වැටලීම සදහා පොලිසිය මෙම ස්ථානයට විලවුන් හා ඖෂධ පිළිබද අධිකාරියේ නිලධාරින් පැමිණියා.

වැටලීමේදී තවත් කල් ඉකුත් වු ඖෂධ ගබඩා කර තබා ඇති බව හෙළි වුණා.

වැටලීම සාර්ථකව සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ මෙය සුවිශේෂ ඝනයේ වැටලීමක් බවත්, මනුෂ්යත්වයට නිගාදෙන ක්‍රියාවලියක් හැටියට හැඳින්වීමට හැකි බවයි.

මෙම ස්ථානය පිළිබඳව මුලින්ම තමන් හට තොරතුරු ලබාදුන්නේ හිරු නාලිකාව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියාසිටියේ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top