කාලෙන් කාලෙට පුංචි තිරය ලස්සන කරන්න නළු නිළියන් සම්බන්ධ වෙනවා. ඒ විදිහට මෑතකදී රංගනයට ෂෙහානි කහදවල සම්බන්ධ වුණා. මේ දවස්වල ඇය රංගනයෙන් සම්බන්ධ වෙන නාට්‍යයක් හිරු රූපවාහිණියෙන් දකින්න ලැබෙනවා. ඒ මල් හතයි නාට්‍යයෙන්.ඒ වගේම හිරු සුපර් හීරෝ වැඩසටහනෙත් නිවේදන කටයුතු කරන්නේ ඇයයි. ඒ ගැන වගේම ඇයගේ අලුත් තොරතුරු දැනගන්න හිරු ගොසිප් වෙත ඇයව එකතු කරගත්තා.
ෂේහානිව මේ දවස්වල නිවේදිකාවක් විදිහටත් දකින්න ලැබෙනවා නේද..?
ඒක සුන්දර අත්දැකීමක් විදිහටයි මම දකින්නේ. හිරු සුපර් හීරෝ කියන්නේ පොඩිත්තන්ගේ රංගන දක්ෂතා එළිදක්වන රියැලිටි වැඩසටහනක්. ළමයින්ට ඒ වගේ රංගන දක්ෂතා පෙන්වන්න ලැබුණු මුල්ම අවස්ථාව මේ වැඩසටහන කිව්වොත් හරි. ඒ වැඩසටහනේ මට නිවේදනය කරන්න ලැබීමත් සතුටුයි. පොඩි ළමයි එක්ක වැඩකරන්න ලෙහෙසි නැහැ. නමුත් සුන්දරයි.
ඒ වගේ රියැලිටි අවස්ථාවන්ට ෂෙහානි සහභාගී වෙලා නැද්ද..?
අම්මගේ බලකිරීමට මම ගායන තරගයකට නම් සම්බන්ධ වුණා. එතකොට මට වයස අවුරුදු 12ක් විතර ඇති. මම ගොඩක් ආසාවෙන් හිටියේ ගායිකාවක් වෙන්න. ඒත් වුණේ රංගන ශිල්පිණියක්. එහෙම වුණේ මගේ කැමැත්තට වඩා අම්මාගේ වුවමනාවට කිව්වොත් හරි.
මේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. මුල්ම නිවේදනය වුණත් මම ගොඩක් කැමැත්තෙන් සුපර් හීරෝ වැඩසටහන භාර ගත්තේ. තවම නම් කවුරුත් මට නරක ප්‍රතිචාරයක් දීලා නැහැ.
මේ දවස්වල කාවිංග පෙරේරාගේ ගැටවලට අහුවෙලා කියලත් ආරංචියි..?
ආ ඒ මම නෙමෙයි. මල් හතයි නාට්‍යයේ ආශාවරි. මේ දවස්වල ආශාවරි තමයි කොල්ලෙක්ට රැවටිලා ඉන්නේ. ඒ චරිතයටත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා.
රංගන ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ගත වෙනවා. මේ වෙනකොට නළුවෝ කී දෙනෙක්ගේ ගැටවලට ෂෙහානි අහුවෙලා තියෙනවද..?
තවම නම් ගැට වලට අහුවෙලා නැහැ. ඒ වුණාට ප්‍රසිද්ධ නළුවෝ කිහිප දෙනෙක්ම ආදරෙයි කියලා තියෙනවා. නමුත් මම ඒ අයගේ ආදරවන්තිය වුණේ නැහැ.නිර්මාණ වැඩ වලදී මුණගැහෙනවා. ඒ වෙලාවට හිනාවෙලා කතා කරනවා. කාත් එක්කවත් තරහා වෙලා වැඩ කරන්න බැහැනේ.
දැන් ෂෙහානි ජනප්‍රිය තරුවක් කියලා හිතනවද.. ඉස්සර තරම්ම දැන් නිර්මාණ වලට ආරාධනා ලැබෙන්නේ නැහැ වගේ නේද..?
මම හිතන්නේ මම ජනප්‍රිය නැහැ. ප්‍රසිද්ධයි. ජනතාවගේ ආදරේ දිනා ගන්න චරිත ඉදිරියේදී කරන්න ඉන්නේ. හොද නිර්මාණ ලැබුණොත් විතරයි දැන් කරන්නේ. රංගනයට ආ මුල් කාලේ නම් ලැබුණු හැම නිර්මාණයක්ම කළා. ඒ වගේම ඒ කාලේ වගේ දැන් නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙත් නැහැ. අලුත්ම අය ඉන්න නිසා. ඒ අයට දැන් වැඩි අවස්ථාවක් ලැබෙනවා ඇති කියලා හිතෙනවා.
ඔබව තවම පුළුල් තිරයෙන් දකින්න ලැබුණේ නැහැ..?
මමත් කැමතියි සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න. නමුත් ආරාධනාවක් ලැබුණේ නැහැ. ලැබුණොත් කැමැත්තෙන් යනවා.
ෂෙහානි කටකතා වලට බයයිද..?
ඇත්තටම කට කතා හැදෙනවට මම බයයි. නමුත් කතා හැදෙන එක අපිට නතර කරන්න බැහැ. ඒ වෙලාවට මම මනසින් කඩාගෙන වැටිලා තියෙනවා. ඒකම ශක්තියක් වෙලා තියෙනවා නැගිටින්න. ශක්තිවන්ත කෙනෙක් වෙන්න.
ඒ වෙලාවට දුව නිලියක් වුණු එක ගැන දෙමාපියන් දුක් වෙන්නේ නැද්ද..?
මගේ දෙමාපියන් දන්නවා මෝඩ මිනිස්සු තමයි අනුන්ට කතා හදන්නේ කියලා.
විලාසිතා වලට තියෙන කැමැත්ත කොහොමද..?
මම නිතරම තැනට සුදුසු විදිහට අදිනවා. අපි නිළියෝ. ලස්සනට පිළිවෙලට අදින්න ඕන කියන එකයි මම හිතන්නේ.
ෂෙහානි දැන් පෙම්වතියක්ලු..?
ඔව් ඒක ඇත්ත. ඒත් ඒ ගැන දැන්ම කියන්න කැමති නැහැ.
දැන්ම විවාහය ගැන හිතනවද..?