Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
24
තරුණයෙකු පැහැරගත් හිරුණිකා, බබා වෙද්දී වරද පිළිගත් ගෝලයින්ට අද ලැබුණු දඬුවම

- තරුණයෙකු පැහැරගත් හිරුණිකා, බබා වෙද්දී වරද පිළිගත් ගෝලයින්ට අද ලැබුණු දඬුවමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,032 Views
බරපතල වැඩ සහිත සිර දඬුවම්..
වන්දි ගෙවන්නත් නියෝග..

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් 2015 වසරේදී තරුණයෙකු පැහැරගෙන තුවාල සිදුකළ බවට වරද පිළිගත් ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද දඬුවම් නියම කළා.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ නියෝග කලේ සිද්ධියේ වරද නොපිළිගත් විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කිරිමටයි.

දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ පිිරිසක් පැහැරගත්තේ 2015 වසරේදියි.

අදාල පැහැර ගැනිම සිදුවන ආකාරය පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා සේවය කල වෙළදසැලේ ආරක්ෂක කැමරාවල සටහන් ව තිබුනා.

පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වුයේ වෙළඳසැලෙන් පැහැරගෙන ඩිෆෙන්ඩර් රථයකින් කොළොන්නාවේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කාර්යාලයක් වෙත තමාව රැගෙන ගිය බවයි.

එහිදි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බවත්, එම අවස්ථාවේ සිටි පුද්ගලයින් තමන් පහරදුන් බවත්, ඔහු පොලීසියට පැමිණිලි කර තිබුණා.

මෙම පැහැර ගැනීම සිදුවන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමට ලියාපදිංචි කරන ලද 62 - 1859 අංකය දරන ඩිෆෙන්ඩර් රථයෙන්.

අදාල සාක්ෂි මත සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් 08 දෙනෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා අධිචෝදනා 24ක් ගොනු කළා.

පැහැරගෙන යාම හා පැහැරගෙන යාමට අනුබල දීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරිම, යම් තැනැත්තෙකු අයුතු ලෙස සිරකර තබා ගැනීමේ චේතනාවෙන් පැහැරගෙන යාම සහ පැහැරගෙන යාමට අනුබල දීම, නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයින් වී පැහැරගෙන යාම, පොදු චේතනාවක් සහිතව සුළු තුවාල සිදුකිිරීම යන දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතළ වැඩ සහිත සිර දඬුවම් දිය හැකි වැරදි එහිදී සිදුකර ඇති බව එම අධිචෝදනාවල සඳහන්.

ඉන් චෝදනා 08ක් පමණක් පෞද්ගලික ආරක්ෂකයින්ට එරෙහිව ඇති අතර අධි චෝදනා 24ටම විත්තිකරු කර ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රයි.
කෙසේ වෙතත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අදාල චෝදනාවලට වරද පිලිනොගත් අතර ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් සියලූදෙනාම වරද පිළිගත්තා.
ඒ අනුව අද ඔවුන්ට දඬුවම් නියම කිරිම සඳහා නඩුව කැදවු අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජානක බණ්ඩාර නීතිපතිවරයා වෙනුවෙන් කරුණා දක්වා සිටියා.

ඔහු පැවසුවේ විත්තිකරුවන්ට එල්ලවී ඇති චෝදනාවලට වසර දහසයකුත් මාස 06ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කළ හැකි බවයි.

උපුටා ගැනීම

‘‘තමන්ගේ පාඩුවේ වැඩකරගෙන ගිය මනුස්සයෙක්ව එන්න බෑ කියද්දි, කොරලයෙන් ඇදගෙන ඇවිල්ලා ඩිෆෙන්ඩරයට දාගෙන මන්ත්‍රීවරියකගේ ඔෆිස් එකකට ගේනවා. ඒ විදියට අඩත්තේට්ටම් කරලා ඉවර වෙලා කොලර් එකෙන් ඇදගෙන ගේන හැටි ඔක්කොම සී.සී. ටී.වී. කැමරාවල තියෙනවා. ඒවා අපි අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා.

ස්වාමිනී කවුද මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ විදියට බෙල්ලෙන් ඇදන් යන කවුද මේ පොලීසිය ද?

අර ඉස්සර සුදු ඩිෆෙන්ඩර්වලින් ගියා වගේ. දැන් කළු ඩිෆෙන්ඩර්.

එතකොට ස්වාමිනී මිනිසුන්ට මේ විදියට නිදහසේ ඉන්න තියෙන අයිතියට අභියෝග කරන්න මේ විත්තිකාරයින් එක්කෙනෙකුටවත් බෑ.’’

උපුටා ගැනීම අවසන්.

මෙහිදී පැහැර ගැනීමට ලක් වූ තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් කළ පැහැර ගැනීමත්, පහරදීමත් නිසා සිය සේවාදායකයා මානසික විශාදයෙන් පෙළෙන බවයි.

සිය සේවාදායකයාගේ ස්ථිර රැකියාව මෙම සිද්ධිය නිසා අහිමිව ගොස් ඇති බවත්, සාධාරණ වන්දියක් විත්තිකරුවන්ට ගෙවීමට නියම කරන ලෙසත් නිතිඥවරයා ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ චූදිතයින් 06 දෙනෙකුට දෙවසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කලා.
පෙර වැරදි නොතිබීම හා මුල් අවස්ථාවේදිම වරද පිලිගැනීම යන සාධක මත එම සිර දඬුවම් වසර 12 කට අත්හිටුවන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

ඔවුන්ගෙන් 5 දෙනෙකුට රුපියල් 32,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරයා රුපියල් 40,000 බැගින් වන්දි ගෙවන ලෙස ද නියෝග කරනු ලැබුවා.
එම දඩ නොගෙවන්නේ නම්, විත්තිකරුවන් මාස 09 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමකට යටත් වන බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

සිද්ධියේ 5 වන චුදිතයාට රුපියල් දස දහසක වෙනම වන්දි මුදලක් මෙහිදී නියම කළ අතර, චෝදනා එල්ල වූ පිරිස අතර සිටි රජයේ සේවකයෙකුට රුපියල් 75,000ක වන්දියක් මෙහිදි නියම වුණා.

විනිසුරුවරයා තවදුරටත් පැවසුවේ සිද්ධියේ 08 වන චුදිතයා පාසල් ශීෂ්‍යයෙකු වන බැවින් ඔහුට සහ රජයේ සේවකයාට සිර දඬුවම් නියම නොකරන බවයි.

පාසල් ශිෂ්‍යයාට තදින් අවවාද කළ විනිසුරුවරයා පැවසුවේ වසර දෙකක කාලයක් යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කිරිම සදහා රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් නියම කරන බවයි.

එසේම සියලූ අධි චෝදනා එල්ල වී ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරද නොපිලිගත් නිසා, ඇයට එරෙහි නඩු විභාගයක් ආරම්භ කරන ලෙස ද මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මෙහිදී නියෝග කර සිටියා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  31 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  811 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,265 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,909 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,483 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,033 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,460 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top