මව සමඟ ආරවුලකුත් ඇතිකරගෙන..
ටර්පන්ටයින් ගේ බිමට හලලා..
වසර පහක පමණ කාලයක් මත්කුඩු පානයට ඇබ්බැහිවූ තරුණයෙකු ඊයේ (23 ) 8.30 ට පමණ මව සමග ඇතිකර ගත් ආරවුලකින් පසු තම නිවෙසට ගිනි තබා තිබෙනවා.
දඹුල්ල -ලෙනදොර ප්‍රදේශයේ නිවෙසක් මෙසේ ගිනි තැබීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
නිවසේ තිබූ ටර්පන්ටයින් නම් වූ දියරයක් බිමට හලා නිවාස ගිනි තබා ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ගින්නෙන් නිවෙසේ තිබූ බඩුබාහිරාදිය සියල්ල ගිනිගෙන් විනාශවී අතර දඹුල්ල මහා නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න සම්පුර්ණයෙන් පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගින්න පාලනය කිරීම සදහා පොලිසියේ සහය ද ලැබුණ බවයි අප වාර්තාකරු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
අදාල තරුණය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල මුලස්තන් පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදුකරයි.