දරු උපතකදී නිවුන් දරු උපත් ඕනෑතරම් සිදු වෙනවා. ඒ වගේම නිවුන් උපත්වලදී දරු කළල දෙක වැඩෙන විට ඇතැම් අවස්ථාවලදී එය බද්ධ වී මෙලොව එළිය දකිනවා. ඒ වගේ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන් නොතේරෙන දරුවන් දෙදෙනෙකුට ඔවුන්ගේ ලෝකය දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හිසින් බද්ධ වූ දරුවන් දෙදෙනා වෙන් කිරීමේ සැත්කමක් සිදු කිරීම. මේ දෙන්නව පසුගිය ජුනි මස රෝහල් ගත කර පැය 11 සැත්කමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ වගේම මේ දෙන්නා වැඩිදුර ප්‍රතිකාර සදහා සැත්කමෙන් පසුව දින 485ක් රෝහලේ තබාගෙන තිබෙනවා කියලත් සදහන්. කොහොම නමුත් සැත්කම සදහා දරුවන් දෙදෙනාව ශල්‍යා ගාරයට ගන්නා විට දෙමාපියන්ට වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ ඇසිරූ සැත්කමක් නිසා එක් දරුවෙකුගේ ජිවිතයට හානියක් වීමේ අවධානම පවතින බවයි. නමුත් දරුවන් දෙදෙනාගේම ජිවිත බේරා ගන්න පුළුවන් වෙලා තිබෙනවා. දින 485 රෝහලේ සිටි දරුවන් දෙදෙනා උතුරු Carolinaවේ පිහිටි දරුවන්ගේ මවගේ නිවසට රැගෙන ගොස් තිබෙන්නේ පසුගියදා සදුදායි.
"මම ගැබ්ගෙන කියලා දැනගත් මොහොතේ මට ලොකු සතුටක් දැණුනා.නමුත් මගේ කළලය වැඩුනට පස්සේ ප්‍රසව හා නාරිවේද පිළිබද දොස්තර කෙනෙක් ස්කෑන් කළා. එතැනදී තමයි මට දැන ගන්න ලැබුණේ මට ලැබෙන්නේ නිවුන් දරුවන් කියලා ඒ වගේම ඒ දෙන්නා බද්ධ වෙලා ඉන්නවා කියලත් දරුවන් ප්‍රසුත කරන්න ඔන්න මෙන්න තියෙද්දී කිව්වා. ඒ නිසා දරුවන්ව සිසේරියන් සැත්කමකින් ගන්න ඕන කියලා. ඒ මොහොතේ මට ලොකු කම්පනයක් දුකක් ඇති වුණා. දරුවන්ගේ මුහුණු දැක්කම මට මම ගැන කලකිරුණා. නමුත් දරුවන් වෙන් කරන්න පුළුවන්. උත්සහයක් ගමු කියලා දොස්තරලා කිව්වා. මම ගොඩක් සතුටු වුණා. ඒ සතුට මට උපරිමයෙන්ම විදින්න ලැබුණේ දැන්. දරුවන්ව ගෙදර ගෙනියන නිසා. නමුත් දරුවන්ව සැත්කමකට භාජනය කරලා තිබෙන නිසා ගොඩක් පරිස්සම් කරන්න ඕන.."