වයස අවුරුදු 10ක පමණ පාසල් සිසුවියන් 3 දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර - සමන්තුරෙයි අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසලක විදුහල්පතිවරයෙකුයි.
මීට මාස කිහිපයකට පමණ පෙර අදාළ විදුහල්පතිවරයා විදුහල තුළ දී අවස්ථා කිහිපයකදී මෙම සිසුවියන් තුන්දෙනා අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්.
පසුව ඒ පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් ඊයේ මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි සමන්තුරෙයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, වයස අවුරුදු 16ක තරුණියක් අපයෝජනය කළ සිව් දරු පියෙකුට යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඊයේ බරපතල වැඩ සහිත වසර 18ක සිර දඬුවමක් නියම කළා.
මෙම සිද්ධිය වාර්තා වූයේ 2012 වසරේ ජුලි මාසයේ 22 වන දායි.
ඒ පිළිබඳ තොරතුරු හෙළි කළහොත් තරුණිය ඝාතනය කරන බවට ද සැකකරු තර්ජනය කර තිබූ බව සඳහන්.