ලිංගික සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළ බිරිඳක් ඝාතනය කළ සැමියෙකු පිළිබඳ තොරතුරු උතුරු ඉන්දියාවෙන් වාර්තා වනවා.
මෙම පුද්ගලයා උතුරු ඉන්දියාවේ හරියානා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි සංජීව් කුමාර් නමැති පුද්ගලයෙක්.
උතුරු ඉන්දියාවේ- හරියානා ප්‍රාන්තයේ- ජොග්නා කේරා ගම්මානයේ නිවසකදී ඇතිවූ ආරවුලකදී "සුමන්" නමැති කාන්තාවගේ ගෙල සිරකර මොහු මරා දමා තිබුණා.
හරියානා පොලිසිය එරට මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ සැකකරු සිදුකළ අපරාධය පිළිබඳ පාපොච්ඡාරණය කර ඇති බවයි.
ඒ අනුව ඔහුගේ සැමියා වන එම කාන්තාව ඔහු සමඟ ලිංගිකව හැසිරීම කලක පටන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මීට වසර 10කට ඉහතදී මෙම අඹු සැමි යුවල විවාහ දිවියට ඇතුළත්ව ඇති අතර මේ වනවිට ඔවුන්ට දරුවන් දෙදෙනෙකුද සිටිනවා.
මේ අතර ඉන්දීය වාර්තා තවත් කරුනක්ද පෙන්වා දී තිබෙනවා.
ඒ, සමීක්ෂණ ප්‍රතිඵලයක්.
ඉන්දීය ආණ්ඩුව පවුල් සංස්ථා පිළිබඳව සිදුකළ සමීක්ෂණ වාර්තාවකින් හෙලි වී ඇත්තේ විවාහක කාන්තාවන් සිය සැමියාට සහ සැමියාගේ පාර්ශවයේ ඥාතීන්ට ගරු බුහුමන් නොදක්වන්නේනම්, ඇයට පහර එල්ල කිරීම, ඉන්දියාවේ සමස්ථ පිරිමි ජනතාවගෙන් 54%කට අධික පිරිසක් සහ සමස්ථ කාන්තාවන්ගෙන් 51%ක පිරිසක් අනුමත කර ඇතැයි එහි දැක්වෙන බවයි වාර්තා වන්නේ