කුරුණෑගල ප්‍රදේශයේ සත්ව ගොවිපළක සැඟවී ඉඳලා...
කොල්ලට 23යි මියගිය කාන්තාවට 43යි....
කාන්තාවගේ හිසට ඇසිඩ් බාල්දියක් හළලා...
අනියම් පෙම් සබඳතාවක් දෙදරා යෑමෙන් ඇසිඩ් ගසා සිය පෙම්වතිය මරා වසර එකහමාරක් සැඟව සිටි අනියම් පෙම්වතෙකු සීතාවක කොට්ඨාස විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 18 වනදා මෙලෙස අත්අඩංගුවට ගත්තේ ගැටහැත්ත, නාපාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකු බව සඳහන්.
සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ සත්ව ගොවිපළක සැඟව සිටියදීයි අත්අඩංගුවට ගැනුණේ.
ඔහු කොස්ගම, පහළ කොස්ගම, නාගහවත්ත ප්‍රදේශයේ පදිංචි, විවාහක, 43 හැවිරිදි දෙදරු මවක් සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබුණා.
ඇය කොස්ගම නගරයේ රූපලාවන්‍යාගාරයක හිමිකාරිණියක් බවයි වාර්තා වන්නේ.
පසුව මෙම කාන්තාව අදාළ තරුණයා අතහැර වෙනත් පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නගාගෙන තිබුණා.
ඒ පිළිබඳ කෝප වූ සැකකරු 2016 මැයි මස 31 වැනිදා එම රූපලාවන්‍යාගාරයේදී එම කාන්තාවගේ හිසට ඇසිඩ් බාල්දියක් හලා ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙනවා.
මෙම කාන්තාවගේ සැමියා පෞද්ගලික ආයතනයක සේවය කළ බව සඳහන්.
කෙසේ වෙතත් මියගිය කාන්තාවට මුණුබුරු මිණිබිරියන්ද සිටින බවයි වාර්තා වන්නේ.
සැකකරු අද (20) දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සීතාවක කොට්ඨාස විශේෂ විමර්ශන අංශය විසින් ක්‍රියාත්මකයි.