පාලක පක්ෂය විසින් තමන් නෙරපා හැරිය ද නායකත්වයෙන් ඉවත් නොවන බව නිවාස අඩස්සියේ සිටින සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ එරට රූපවාහිනි ඔස්සේ සජීවිව විකාශනය කෙරුණු දේශනයකට එක්වෙමින්. එමෙන්ම, ලබන මස පැවැත්වෙන පක්ෂ සමුළුවේ ප්‍රධානත්වය දැරීමට තමන් සූදානම් බව ද මුගාබේ පවසා තිබෙනවා.
සිම්බාබ්වේ පාලක පක්ෂය වන සානු පී - එෆ් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ රැස්වුණා.
එහිදී තීරණය කෙරුණේ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පක්ෂ නායකත්වයෙන් නෙරපා හැරීමටයි.