මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ අඩම්පන් ගම්මානයේ එකොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු 19 වැනිදා සවස අකුණු සැර වැදී මියගොස් තිබෙනවා.
මෙම දරුවා සිය පියාට දහවල් ආහාරය රැගෙන කුඹුරට යන අවස්ථාවේ අකුණු සැර වැදී මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
නිත්‍යානන්දන් රුක්ෂාන් නැමති මෙම දරුවා අකුණු සැර වැදීමත් සමගම වාහනයක දමාගෙන මන්නාරම මුරුන්කන් රෝහල වෙත රැගෙන් විත් ඇතත් ඔහු රෝහලට රැගෙන යන විටත් මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මුරුන්කන් පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.