දිවා කාලයේ කැලයේ ගත කරමින් රාත්‍රී කාලයට නිවසට පැමිණ තම 14 හැවිරිදි නැගණියට අතවර කරන බව කියන 21 හැවිරිදි වැඩිමහල් සොහොයුරා මේ 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
සැකකරු සමාජ රෝග සහ මානසික රෝග වෛද්‍යවරුන් වෙත යොමුකර එම වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.
සිද්ධියට මුහුණදුන් දැරිය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරි පත් කිරීමෙන් අනතුරුව දැරිය දිගු කාලයක සිට මෙලෙස දූෂණයට ලක්ව ඇති බව අනාවරණ වී තිබෙනවා.
දැරිය කුඩා කාලයේම ඇයගේ මව පවුලෙන් වෙන්ව ගොස් ඇති බවත් දැරිය පියා ,මිත්තණිය සහ සීයා සමග හැදී වැඩී ඇති බවත් සඳහන්.
අදාළ සැකකාර සහෝදරයා දිවා කාලයේ කැලයේ කාලය ගතකරන බවට දිවුලපිටිය පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.