මීගමුව, කැපුන්ගොඩ දේවස්ථානය පිටුපස මුහුදු වෙරළේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් දුන්ගාල්පිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28ක පමණ වන කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.
දිනපතා වෙරළ පිරිසිදු කිරීමට පැමිණෙන කාන්තාවක් විසින් මළසිරුර දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබුණා.
ඒ අනුව මෙම සිරුර සොයා ගත බවයි පොලිසිය සඳහන් කරන්නේ.
දින ගනණක් මුහුදේ පාවෙමින් තිබීම නිසා සිරුර නරක් වී ඇති බවයි අප සඳහන්.
පිරිසක් විසින් දූෂණය කර හිසට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
මෘත ශරීරය මේ වන විට මීගමුව රෝහලේ තැම්පත් කර ඇති අතර මියගිය තැනැත්තියගේ ඥාතීන් සොයාගැනීමෙන් පසු මරණ පරික්ෂණය පවත්වන ලෙසයි දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ නියෝග කළේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දුන්ගාල්පිටිය පොලිසිය මඟින් ක්‍රියාත්මකයි.