ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එලෙස සොරකම් කරන ලද කුරුල්ලන් කිහිප දෙනෙක්ද සොයාගැනීමට පොලීසිය සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් විදේශීය කුරුල්ලන් 23 දෙනෙකු සැකකරුවන් 06 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අවිස්සාවේල්ල, රාගම, පානදුර, සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
මොවුන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශයන්හි මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.
මෙම ජාවාරම දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සදහා සුඛෝපභෝගී මෝටර් රථයක්ද මසකට රුපියල් 50000 ක කුලී පදනම මත ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම මෝටර් රථයේ අංක තහඩු පහසුවෙන් වෙනස් කල හැකි ආකාරයට සකසා මෙම ජාවාරම සිදුකර ඇති බවත් මෝටර් රථයේ කුලී ගෙවීම මෙම ජාවරමින්ම සිදුකර ඇති බවටත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
මෙවැනි ජාවාරමක් මෙරටදී හසුකර ගැනීමට සමත්වූ පළමු අවස්ථාව මෙය බවයි වැටලීම සිදුකළ නිලධාරීන් පවසන්නේ.