කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අද අලුයම 2.45 ට පමණ උඩුගම තවලම මාර්ගයේ හිංගල්ගොඩ ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.
හිංගල්ගොඩ ප්‍රදේශයේ තේ කම්හලේ සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් කැබ් රථයේ රියදුරා ඇතුලු 6 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි කාන්තාවන් දෙදෙනෙක් මියගොස් ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කම්පොත්තාව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් සහ පිටමගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක්.
කැබ් රථයේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇතැයි අනාවරණ වී තිබෙනවා.
මියගිය කාන්තාවන් දෙදෙනාගේ මෘත ශරීර කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි.