සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පැවති තැපැල් ඡන්දයක දී ඒ සඳහා 61.6% අනුමැතිය හිමිවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස ඡන්ද විමසීම පැවති රට වන්නේ ඕස්ට්‍රේලියාවයි.
ඒ අනුව එරට සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත මගින් මේ බව වැඩිදුරටත් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
එම නව නීති කෙටුම්පත ඊයේ (15) සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එය ඉදිරියේදී සංශෝධන සඳහා විවාදයට ලක්කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
මේ අතර විශේෂ ප්‍රකාශක් සිදුකරමින් එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සඳහන් කර ඇත්තේ නත්තල් වනවිට නීතිය සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවයි.
ප්‍රතිඵලය ප්‍රකාශ වීමත් සමඟ අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ එරට ජනයා මිලියන ගණනින් පැමිණ විවාහ සමානාත්මතාව අනුමත කර ඇති බවයි.
ඔවුන් සාධාරණත්වය, කැපවීම, ආදරය අනුමත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සහය දක්වන පාර්ශවයන් මෙම ඡන්ද විමසීම සිදු නොවිය යුත්තක් බවට ප්‍රකාශ කර අතර එය සෘජුවම පාර්ලිමේන්තුවේ විවාධයට ගතයුතු බව පෙන්වා දී තිබෙනවා.