මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජිණ සීග්‍රගාමී දුම්රිය මැදවච්චිය සහ පරසන්ගස්වැව අතර දී ඊයේ(14) රාත්‍රී පීලි පැනීමකට ලක්වී තිබෙනවා.
ඒ හේතුව නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද(15) දිනයේ යථා තත්වයට පත්කිරීමට නොහැකි බව දුම්රිය මෙහෙයුම් සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පවසනවා.
මේ වනවිට එහි දුම්රිය ධාවනය අනුරාධපුරය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.