නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය, අධ්‍යාපන අමාත්‍යංශය වෙත මාරු කර යවා තිබෙනවා.
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම හා පරිපාලන ගැටළු ගැන ලැබුන පැමිණිලි නිසා මුලික විමර්ශනයක් ආරම්භ කර තිබු බවයි අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියේ.
එම විමර්ශන අවසානයේ ලැබුන නිර්දේශ අනුව විදුහල්පතිනිය අමාත්‍යංශය වෙත අනුයුක්ත කර තිබෙනවා.
රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතියට ද යටත් ව වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අනුයුක්ත කිරීම සිදු කර තිබෙන බවයි අමාත්‍යංශය කියා සිටියේ.