Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
පොලීසියෙන් සරම කැඩූ නිසා පාසල් යන්න බෑ කියූ සිසුවා බාල වයස්කාර දැරියක් දූෂණය කරලා! - Video

- පොලීසියෙන් සරම කැඩූ නිසා පාසල් යන්න බෑ කියූ සිසුවා බාල වයස්කාර දැරියක් දූෂණය කරලා! - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,713 Views
ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිල්ලක්....

දස හැවිරිදි දියණිය පන්ති භාර ගුරුතුමියට සියළු දේ හෙළිකරලා...

පොලිස් නිලධාරියෙකු විසින් වැටලීමකට ගිය අවස්ථාවේදී සරම කඩා දැමූ නිසා පාසල් යාමට නොහැකි බව කී 16 හැවිරිදි පාසල් සිසුවා බාල වයස්කාර සිසුවියක දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(14) පස්වරුවේ සැකකරු අත් අඩංගුවට ගත්තේ හලාවත-මුගුණුවටවන ප්‍රදේශයේ අයෙකු විසින් ජාතික ළමා රක්ෂක අධිකාරිය වෙත කර තිබූ පැමිනිල්ලක් අනුව බව හලාවත පොලිසිය කියා සිටිනවා.

ඔක්තෝබර් මස 28 වන දින එම ප්‍රදේශයේ මවක් සිය බාල දරුවෙකුට බෙහෙත් ගැනීමට යන විට සිය දස හැවිරිදි දියණිය ආරක්ෂාවට අසල්වැසි නිවසක රඳවා ගිය අවස්ථාවේදී දැරිය සැකකාර සිසුවා විසින් බලහත්කාරයෙන් දුෂණය කර තිබු බව ජාතික ළමා රක්ෂක අධිකාරිය පොලිසියට දන්වා තිබෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

දැරිය සිද්ධිය කිසිවෙකුටත් දන්වා නැති අතර පසුව එම පාසලේම වෙනත් දැරියක් ද අතවරයකට ලක්වීම නිසා පැවැති පරික්ෂණයකදී මෙම දැරිය සිද්ධිය තම පංතිය භාර ගුරුවරියට දන්වා තිබු නිසා ඇය ඒ බව විදුහල්පතිනියට ද දන්වා, දැරියගේ දෙමාපියන්ට සිද්ධිය දන්වා තිබු බවත් ඒ අනුව සිද්ධිය ජාතික ළමා අධිකාරියට දන්වා ඇති බවත් සඳහන්.

සැකකාර සිසුවා තමාට අපරාධයක් කළ බව දැරිය පොලිසියට දන්වා තිබු බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඒ අනුව ඇය වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරිමට හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ සිසුවා ඊයේ (14) හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබුනා.

මෙම සිද්ධිය හෙළි වීමෙන් පසු සැකකාර සිසුවා සිය පාසල් ගමන නවතා ගෙදරට වී සිටි බවත් පසුගිය දිනක හලාවත පොලිසියේ නිලධාරින් පිරිසක් මත්පැන් වැටලිමකට ගිය අවස්ථාවේ දී එහි සිටි මෙම සිසුවා ද සෝදිසියට ලක් කර ඇති නිසා ඉන් කෝපයට පත්ව තම සරම පොලිසිය ගලවා දැමූ බවට චෝදනා නගමින් මාධ්‍යට ප්‍රකාශයක් කර ඇති බවත් පොලිසිය පැවසු බවයි අප වාර්තාකරු කියා සිටින්නේ.

හලාවත පොලිස් අධිකාරි සුරමිජිත් කුමාරපේලි, සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත්ගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂිකා සුභාෂිණි වැඩිදුර පරික්ෂණ සිදු කරන බව සඳහන්.

මේ අතර පසුගිය 11 වන දා හලාවත මාළිගාවත්ත ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් සැරසී වැටලීමකට පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පිරිසක් ඉදිරියේ රැඳී සිටි මෙම 15 හැවිරිදි පාසල් සිසුවාගේ සරම ගැලවීම හේතුවෙන් සිසුවා දැඩි කම්පනයකට ලක්ව සිටින බවත් අසල්වාසීන් බලා සිටියදී සිදුවූ මෙම සිද්ධියෙන් ලැජ්ජාවට පත් වූ දරුවා පාසල් යාම පවා ප්‍රතික්ෂේප කරන බවත් ඔහුගේ පියා මිට පෙර මාධ්‍යට කියා සිටියා.

සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ද නියමිතව ඇති බැවින් එම විභාග කටයුතු ද අඩපණ වී ඇති බව දෙමාපියන් චෝදනා කළා.

කෙසේ වෙතත් මේ පිළිබදව හලාවත පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පොලීසියට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

හලාවත පොලීසියේ නිලධාරියෙකු විසින් පාසල් සිසුවෙකු ප්‍රසිද්ධ ස්ථානයක නිරුවත් කළ බව කියන සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ පිළිබදව විමර්ශනය කළ හැකි බව ද ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  163 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  853 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,173 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,879 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,086 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,910 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,113 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,775 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,842 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,980 Downloads



Top 10 Commenters

Latest Comments

Top