Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
A/L පෙනි පෙනී සිදුවූ මාරක අනතුරෙන් සිසුවෙක් මියයද්දි අසාධ්‍යව දැඩිසත්කාරයේ ඉන්න රාජකීයයන්ගේ අලුත්ම තත්ත්වය - Audio

- A/L පෙනි පෙනී සිදුවූ මාරක අනතුරෙන් සිසුවෙක් මියයද්දි අසාධ්‍යව දැඩිසත්කාරයේ ඉන්න රාජකීයයන්ගේ අලුත්ම තත්ත්වය - AudioHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,514 Views
එක් සිසුවෙකුගේ සිරුර පුරාම තුවාල...
‘‘අපි ප්‍රාර්ථනා කරනවා තත්ත්වය යහපත් වෙයි කියලා..“
‘‘දෙදෙනෙකුට ශල්‍යකර්ම සිදුකළා..“

එක් සිසුවෙකුට දිවි අහිමි කරමින් රාජගිරිය ප්‍රදේශයේදී පසුගියදා සිදුවුණු රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ අතරින් එක් සිසුවෙකුගේ ශරීරය පුරාම තුවාල ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි කොලඹ ජාතික රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

4 දෙනෙකු සාමාන්‍ය ප්‍රතිකාර ලබන බවත් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සිසුන් මේ වසරේ උසස් පෙළ සඳහා පෙනී සිටීමට නියමිත අය බවත් දැනගන්නට ලැබෙනවා.

පසුගිය ඉරිදා අලුයම් කාලයේ රාජගිරිය, සිල්වා පටුමඟ අසලදී කැබ් රථයක් සහ මෝටර් රථයක් එහි රියැදුරන්ට වේගය පාලනය කර ගැනීමට නොහැකිවී යාමෙන් මේ අනතුර සිදුවුණා.

පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් සඳහා පාසල් භූමිය තුළ වැඩ කටයුතු සිදු කොට රාත්‍රි ආහාර පාන රැගෙන ඒම සඳහා මෙම පාසල් සිසුන් පිරිස රාජගිරිය දෙසට පිටත්ව ගොස් තිබුණා.

දහඅට හැවිරිදි පාසල් සිසුවකු කැබ් රථය ධාවනය කර ඇති අතර එම කැබ් රථයේ සිසුන් දස දෙනකු සහ ඊට පිටුපසින් ධාවනය කළ තවත් මෝටර් රථයක පාසල් සිසුන් දෙදෙනකු ගමන් කර ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා.

කෙසේ වෙතත් මේ මාරක අනතුරෙන් රාජකීය විද්‍යාලයේ මේ වසරේ උසස් පෙළට පෙනී සිටීමට නියමිතව සිටි අමාන් කිචන් මොහොමඩ්ට ජීවිතය අහිමිව ගියා.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සිසුන්ට ඉක්මන් සුවය පතා රාජකීය විද්‍යාලය විසින් අද සවස කාලයේ ආශිර්වාද පූජාවක් සහ විශේෂ දේව මෙහෙයන් කිහිපයක්ද සූදානම් කර තිබෙනවා.

කොලඹ ජාතික රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අසාධ්‍ය සිසුන් ගැන කියූ කතාව පහතින්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  694 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,738 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,211 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,364 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,303 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,934 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,723 Downloads



Top 10 Commenters

Latest Comments

Top