Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
දරුණු රෝගයකට ගොදුරු වුවත් ශිෂ්‍යත්වය ඉහලින් සමත් වුණු පුංචි ආකාශ් පුතුගේ දුක්බර කතාව - Photos

- දරුණු රෝගයකට ගොදුරු වුවත් ශිෂ්‍යත්වය ඉහලින් සමත් වුණු පුංචි ආකාශ් පුතුගේ දුක්බර කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,397 Views
අවුරුදු 3 ක් තිස්සේ රෝගයකින් පෙළෙනවා..

ශිෂත්වයට පාඩම් කරේ ඉස්පිරිතාලේ ඇදේ සිටින ගමන්..

ලෙඩ රෝගයක් වැළදෙන්න වයස් භේදයක් පංති භේදයක් නැහැ. මේ කියන්න යන පුංචි පුතත් බරපතල රෝගී තත්ත්වයක් නිසා පිඩා විදිනවා. ඔහුට මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන වකුගඩු රෝගය තිබෙනවා කියලයි වෛද්‍යවරුන් කියන්නේ. මොහු නමින් අයෝද්‍ය ආකාශ්. මහා කැකිරාවේ ඇල පාර ප්‍රදේශයේ තමයි මේ පුංචි ආකාශ් පදිංචි වෙලා ඉන්නේ. ඔහු මෙවර ශිෂ්‍යතත්වයට මුහුණ දී තිබෙන්නේත් රෝහල්ගතව සිටියදීයි. විභාගයෙන් ලකුණු 174ක් අරගෙන ඔහු ඉගෙන ගන්න කැකිරාව කුඹුක්වැව නිමල්සිරි විද්‍යාලයට කිර්තියත් රැගෙන දුන් ශිෂ්‍යයෙක්.

පාසලට වඩා පුංචි  ආකාශ් ඉගෙනීම් කටයුතු සිදු කළේ පේරාදෙණිය දඹුල්ල ආදී රෝහල්වලදී. ඉංජිනේරුවෙකු වීම සදහා සිහින දකින  පුංචි ආකාශ්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කර දීමට කුලී වැඩ කරන පියාටත් මවටත් නොහැකි වී තිබෙනවා.

වසර තුනක සිට ඔවුන් හම්බකරපු සියල්ල ආකාශ් ගේ ජීවිතය බේරාගැනීම සඳහා වියදම් කොට හමාරයි. මෙම දක්ෂ දරුවා අනුරාධපුර ජාතික පාසලට ඇතුලත් වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා.  ගමේ පිහිටි කුඹුක්වැව විද්‍යාලයට තමයි අධ්‍යාපනය සඳහා ගියේ.

කැඩුණු සපත්තු දෙකත් ඉරී ගිය මේස් දෙකත් වසා ගෙන නගරයට ගිය පුංචි ආකාශ්ගේ බලාපොරොත්තු මේ වනවිට ඉටුකර දීමට දෙමව්පියන්ට නොහැකිව ඉතා දුෂ්කර තත්වයකට පත් වෙලා.

ආකාෂ්ට වැඩිමල් සහෝදරයෙක් ද සිටින අතර ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිට මේ වන විට කැකිරාව නගරයේ වෙළඳ සැල් සේවකයෙකු ලෙස සේවය කරන්නේ ගෙදර දුෂ්කරතා නිසාමයි. ඔහුට තවමත් පාසල් නොයන පුංචි නැගණියක් සිටිනවා.  ඔහුගේ පියා කුලී වැඩක් කරමින් තමයි පවුල ජීවත් කරන්නේ.

හරිහමන්  ආහාරයක්  වත් නැතුව කුඩා පැලක මෙම පවුලේ අය ඉතා දුක්බරව ජීවත් වෙද්දී නිවාස සංවර්ධන අධිකාරියේ කැකිරාව ප්‍රදේශය  භාර නිලධාරියා රුපියල් ලක්ෂ එකහමාරට නිවාස ආධාරයක් ලබා දීමෙන් කුඩා කාමර දෙකක් ඉදිකර ගැනීමට වුන්ට හැකි වී තිබෙනවා.

එම වාසනාව උදා වී ඇත්තේ පුංචි ආකාශ් අධ්‍යාපනය ලබන ආකාරයත් ඔහු විඳින දුක පිළිබදවත් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීවරයාගේ නෙත ගැටීම නිසා.

කුඹුක්වැව විමලසිරි විද්යාලය 5 වසර දක්වා පමණක් පන්ති පැවැත්වෙන ප්‍රාථමික  විදුහල ශිෂ්‍යත්ව  විභාගය සඳහා ලකුණු 174ක් ලබාගත් ආකාශ්  පුතා කාගෙන් හෝ ඉල්ලා සිටින්නේ තමන්ට අනුරාධපුර  ජාතික පාසලට යෑම සඳහා අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන ලෙසයි.

 වසර ගණනාවක් තිස්සේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු තවමත් මාසිකව එහි යා යුතුව තිබෙනවා. එහෙත් මේ දිනවල ප්‍රතිකාර ගන්නවත් නොහැකි තත්ත්වයට අසරණ වී සිටින බව ආකාශයේ මව  වන කේ.ගනිලන්ති හේරත් මහත්මිය පවසනවා.

ආකාශ්ගෙ පියා ඩී.එම් .එම්   රූපසිංහ මහතා කියා සිටියේ පුතා නිසා පසුගිය කාලයේ තමන්ට ද කුලී වැඩක් හෝ කරගැනීමට හැකියාවක් නොලැබුණු බවය ආකාශ සමඟ මව  රෝහල් ගත වී සිටි නිසා පුංචි දියණියත් ලොකු පුතාත් බලාගෙන තමන්ට නිවසට වී සිටීමට සිදුවූ බවයි.

කෙසේ වෙතත් මේ වනවිට හතර වටේ ණයකරුවන් දිනපතා නිවසට පැමිණ කරදර කරන බවද රූපසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පුංචි ආකාශ් එක වරම මීට වසර තුනකට ඉහතදී මෙම දරුණු රෝගයට ගොදුරු වූ බවත්   දීර්ඝ කාලයක් ප්‍රතිකාර තුළින් ආකාශට  සුවය ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් වෛද්‍යවරුන් තමන් සමඟ පැවසූ බව සඳහන් කළා.

එමෙන්ම මසකට අවස්ථා කිහිපයක් පුංචි ආකාශ්ගේ මුත්‍රා  රුධිර පරික්ෂා කිරීම සඳහා විශාල මුදලක් වියදම් වෙන බවද රූපසිංහ මහතා පවසනවා.

මේ පුංචි ආකාශ්ට  හැකි පමණින් උදව්වක් කිරීමට හැකියාව ඇත්නම් ඔවුන්ගේ දුරකථන අංකය 071 046 7647.

ඡායාරූප පහතින්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  635 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,736 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,210 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,355 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,303 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,932 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,721 Downloads



Top 10 Commenters

Latest Comments

Top