Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
එකම කෙරුවාව කරලා බැහැනේ.. හැමදේම අත්හදා බලන්න ඕන - සෝමරත්න ජංගි හොරකම ගැන සුළමුල හෙළි කරයි

- එකම කෙරුවාව කරලා බැහැනේ.. හැමදේම අත්හදා බලන්න ඕන - සෝමරත්න ජංගි හොරකම ගැන සුළමුල හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,302 Views
"ආර්ථික වශයෙන් පාඩු වේවි කියලයි මට හිතෙන්නේ.."

"ජංගි හොරා” කියලා කියන බවට නම් සැකයක් නැහැ..."

සෝමරත්න දිසානායක කියන්නේ ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට විවිධ තේමාවන්ගෙන් යුතු නිර්මාණ එකතු කරන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ළමා මනස කියැවූ ඔහු ළමයින්ට කතාන්දර සිනමා තිරයට ගෙන ආවා. ඔහු දැන් වැඩිහිටියන්ට පමණයි ලේබලයට නිර්මාණයක් ගෙන එන්න සුදානම්. ජංගි හොරා ගැන ඔහු පුවත්පතක් එක්ක කතා කරලා තිබුණේ මේ විදිහටයි.

ප්‍රවීණ සිනමාකරුවෙක් විදිහට ඔබට ජාත්‍යන්තර සිනමා උළෙලක් කියන්නේ ආගන්තුක දෙයක් ‍නෙවෙයි.නමුත්, ඔබේ චිත්‍රපටයක් වෙනුවෙන් පසුගියදා ඔබ බූසාන් සිනමා උළෙලට සහභාගි වූ අවස්ථාව නම් ඔබට තරමක් විශේෂයි කියලා කියන්න පුළුවන් නේද?
ඔව්. ඒ විශේෂත්වය තමයි එම සිනමා උළෙ‍ලේදී ප්‍රදර්ශනය කෙරුණු මගේ නවතම චිත්‍රපටය මම මීට පෙර නිර්මාණය කළ චිත්‍රපටවලට වඩා බොහෝ් සෙයින් වෙනස් එකක් වීම. එය වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසු චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම තමයි “අන්ඩර් පෑන්ට්ස් තීෆ්” සිංහලෙන් කියනවා නම් “ජංගි හොරා.”
 
ළමයින් වෙනුවෙන් චිත්‍රපට හදලා සිංහල සිනමාවේ ආදායම් වාර්තා පිහිටවපු ඔබ ඇයි වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් හදන්න හිතුවේ?
මම මීට පෙර නිර්මාණය කළ හැම චිත්‍රපටයක්ම ළමයින් මූලික කරගත් ඒවා බව ඇත්ත. ඒවා  ළමයින්ද  ඇතුළුව පවු‍ලේ සැමට නැරඹීමට සුදුසු චිත්‍රපට. නමුත් මට හිතුනා සිනමාකරුවෙක් විදිහට මම හැමදාම එකම සීමාවකට කොටු වී සිටිය යුතු නැහැ කියලා. එහි ප්‍රතිඵලය තමයි මේ චිත්‍රපටය.
 
අමුතුම විදිහේ නමක් එක්ක, අමුතුම කතාවක්ද මේ චිත්‍රපටයෙන් ඔබ කියන්න හදන්නේ?
හරියට හරි. මෙහි ප්‍රධාන චරිතය එක්තරා  මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක්. ඔහු කාන්තා යට ඇඳුම් හොරකම් කරනවා. ඔහුගේ මේ හැසිරීම ඔහුගේ පවු‍ලේ උදවියටත් විශාල ගැටලුවක් වෙනවා. පුබුදු චතුරංග තමයි මේ චරිතය රඟපාන්නේ.
 
ඔබ මීට කලින් තිරයට ගෙන ආ “සරිගම” චිත්‍රපටය පාඩු ලැබිම මේ විදිහේ චිත්‍රපටයක් හදන්න ඔබව පෙළඹුවා කියන්න බැරිද?
“සරිගම” පාඩු ලැබුවේ නැහැ. චිත්‍රපටයට ගිය වියදම හොයාගන්න මට පුළුවන් වුණා. හැබැයි මගේ වෙනත් චිත්‍රපට වගේ ආදායම් වාර්තා පිහිටුවන්න සරිගම චිත්‍රපටයට නොහැකි වූ බව නම් ඇත්ත.
 
ඊට කලින් ඔබේ චිත්‍රපටවලට එවැනි ඉරණමක් අත් වුණේ නැහැ. ඇයි මෙදා පාර විතරක් ඔබ ගහපු තුරුම්පුව වැරදුණේ?
එහෙම වුණේ චිත්‍රපටයේ වරදක් නිසා ‍නෙවෙයි. “සරිගම” කියන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන විදිහේ චිත්‍රපටයක්. නමුත් අපේ සිනමා කර්මාන්තයේ පවතින චිත්‍රපට බෙදා හැරීමේ වියවුල නිසයි ප්‍රධාන වශයෙන්ම “සරිගම”ට එවැනි ඉරණමක් අත් වුණේ. චිත්‍රපටය ප්‍රදර්ශනයට තෝරාගත් මණ්ඩලයත් අසාර්ථකත්වයට බලපෑවා. උදාහරණයක් විදිහට කීවොත් මුළු මධ්‍යම පළාතේම ඒ මණ්ඩලයට සිනමා හලක් තිබුණේ නැහැ මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න.
 
සරිගම චිත්‍රපටයෙන් අත්කරගන්නට බැරි වුණු ආර්ථික ජයග්‍රහණ මේ වගේ චිත්‍රපටයකින් අත්කරගන්න හැකි වේවි කියලා හිතෙනවාද?
කොහෙත්ම නෑ. මේ චිත්‍රපටයෙන් මට ආර්ථික වශයෙන් පාඩු වේවි කියලයි මට හිතෙන්නේ. මොකද මීට පෙර මගේ සිනමා නිර්මාණ වටා එක්රොක්වී සිටි විශාල ප්‍රේක්ෂක පිරිසක් මට මේ චිත්‍රපටයේදි අහිමි වේවි. මෙය පවු‍ලේ චිත්‍රපටයක් නොවීම නිසා මට සිදුවන ආර්ථිකමය අවාසිය දැන දැනම තමයි මම මේ චිත්‍රපටයට අත ගැහුවේ.
 
කතා තේමාවට උචිත නමක් චිත්‍රපටයට යෙදුවාට චිත්‍රපටය ප්‍රේක්ෂකයන් ඉදිරියට රැගෙන යද්දි ප්‍රේක්ෂකයන්ගෙන් නරක ප්‍රතිචාරත් ලැබේවි කියලා හිතෙන්නේ නැද්ද?
දැනටමත් මට ඒ විදිහේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙලයි තියෙන්නේ. මේ චිත්‍රපටයේ සිංහල නම තමයි “ජංගි හොරා.” හැබැයි ඒ නමට මේ වෙනකොට බොහෝ දෙනකුගේ විරෝධයක් තියෙනවා. “ජංගි හොරා” කියලා නම දාන්න එපා කියලයි මා සමග කතා බහ කරන හුඟක් අය කියන්නේ. මේ නිසා මමත් මේ නම ගැන දෙගිඩියාවකින් තවමත් ඉන්නේ.
 
සිංහල නම කොහොම වෙතත් ඔය විරෝධතාවය නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන කාලය වන විට ඉංග්‍රීසි නමත් චිත්‍රපටයෙන් හැ‍ලේවිද?
එහෙම නම් වෙන එකක් නැහැ. මම කැමතියි. “අන්ඩර් පෑන්ට්ස් තීෆ්” කියන නමට. කොහොමත් ඒ නමින් තමයි මම චිත්‍රපටය ලියාපදිංචි කරලා තියෙන්නෙත්. අනික මම සිංහල නම කිව්වත් නැතත් ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටයට “ජංගි හොරා” කියලා කියන බවට නම් සැකයක් නැහැ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  257 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  869 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,257 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,118 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,288 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,510 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,814 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,048 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top