Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
වයස අවුරුදු 30 , 33 වන විට මියයන එකම පවුලේ පරම්පරා දෙකක කිසිදා නොඇසූ දුක්බර කතාවක් - Photos

- වයස අවුරුදු 30 , 33 වන විට මියයන එකම පවුලේ පරම්පරා දෙකක කිසිදා නොඇසූ දුක්බර කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,168 Views
"අපිට තේරෙන්නෙ නෑ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා"

එකම පවුලේ සහෝදරයන් තිදෙනකුගේ දරුවන් නම දෙනෙක් අවතැන්...

වයස අවුරුදු 30 සිට 33 දක්වා වයස් කාලවලදී පවුලේ පිරිස මියයෑමේ කතා පුවතක් මැල්සිරිපුර, පන්ලියද්ද, හැවනතැන්න ගම්මානයෙන් වාර්තා වෙනවා.

එකම පවුලේ පරම්පරා දෙකක පුද්ගලයන් මෙලෙස වයස අවුරුදු තිහක්, තිස්තුනක් වන විට මියයෑමේ සිද්ධියක් හේතුවෙන් දරු මුණුබුරන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවයි වර්තා වන්නේ.

පසුගිය දා හදිසි රියඅනතුරකින් ස්වාමිපුරුෂයෙකු සහ බිරිඳක එකම අවස්ථාවේ මිය ගොස් කුඩා දරුවන් තිදෙනෙකු අවතැන් වීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථවේ මෙම සිද්ධිය අනාවරණය වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගම්මානයේ සහෝදරියන් දෙදෙනෙක් ජීවත්ව සිට ඇති අතර ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු ද සිට තිබෙනවා.

ඔවුන් දෙදෙනාට වයස අවුරුදු 32 සහ 33 වන විට හදුනා නොගත් රෝගයකින් හදිසියේ දෙදෙනාම මිය ගොස් ඇත්තේ සිය දරුවන් කුඩා අවදියේදීයි.

ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ද වයස අවුරුදු 33 සහ 32 වන වියේ පසුවන කාලයේදී මියගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

පසුව පවුල් දෙකේම කුඩා දරුවන් හදාවඩා ගැනීම ඔවුන්ගේ ඥාති පවුලක් විසින් සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

එම දරුවන් වැඩිවියට පත්ව ඔවුන් ද විවාහ දිවියට ඇතුළු වී තිබෙනවා.

ඔවුන්ද දරුවන් තිදෙනා බැගින් මෙලොවට බිහිකර ඇති අතර එක් සහෝදරියකගේ පුත්‍රයා අවුරුදු 33ක් වෙද්දී හදිසි රිය අනතුරකින් මියගොස් දරුවන් තිදෙනෙකු සමඟ බිරිද අසරණ වී සිටින බවයි වාර්තා වන්නේ.

එසේ මිය ගිය පුද්ගලයාගේ නැගණිය පසුගියදා සිය සැමියා සමඟ දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා පිටත්ව යන අවස්ථාවේදී  රිය අනතුරකට භාජනය වී ඔවුන් දෙදෙනාම එම ස්ථානයේම මිය ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔවුන්ගේ මියයාමත් සමඟ කුඩා දරුවන් තිදෙනෙකුට මෙලොව තනිවන්නට සිදුව තිබෙනවා.

මෙම පවුලට සම්බන්ධ මේ වන විට ඉතිරිව සිටින මෙම බිරින්දෑවරු දෙදෙනෙකු වයස අවුරුදු 32 හා 33 වයස්වල පසුවන අතර ඉහත සිදුවීම් හේතුවෙන් ඔවුන්  දැඩි මානසික පීඩනයකින් ජීවත් වන  බවයි අවුන් පවසන්නේ.

වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියක මේ සියලු දෙනාගේ දුක සතුට වෙනුවෙන් සිටින බව පවුලේ අය අප වාර්තාකරු සමඟ පවසා තිබෙනවා.
රෝෂිණී ප්‍රදීපිකා නමැති මෙම පවුලේ සාමාජිකාවක් හඬා වැටෙමින් කියා සිටියේ තම පවුලේ සියලු දෙනාටම සිදුවෙමින් යන මෙම විපත පිළිබඳව දැඩි ලෙස බියකින් පසුවන බවයි.

මේ වනවිට තමන් කුඩා අවධියේ දෙමව්පියන් නැති වූවා සේම තම දරුවන්ට ද එම වයසේදී ම දෙමවුපියන් අහිමි වී තිබීම බරපතළ ඛේදවාචකයක් බවද

ඇය වැඩිදුරටත් සඳහන් කළා.

අසරණවී සිටින මෙම දරුවන් හදාවඩා ගන්නා එම ගම්මානයේ මෙම පවුල්වල ඥාතීවරියක වන සමන්තිකා කුමාරි මෙසේ පැවසුවා.

"ඇත්තටම අපිට තේරෙන්නෙ නෑ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මමයි මගේ අයියා එ පුංචි කාලෙ ඉඳලම මේ දුක් කන්දරාව විඳිනවා. තවත් ඒ දුක අවසන් වීමක් නෑ. දවසින් දවස අපි දෙන්නත් මේ දරු පැටවුනුත් එක්ක මැරි මැරි උපදිනවා. මගේ සහෝදරියන් දෙදෙනෙකු ගේ දරුවෝ තමයි මේ විදිහට අසරණ වෙලා ඉන්නේ. දරුවන්ගේ දරුවනුත් දැන් අසරණ වුණා මගේ සහෝදරියන් දෙදෙනාට සහ එයාලා කසාද බැඳපු අයට හරියටම අවුරුදු 33 වෙද්දී එය පුංචි දරු පැටවුන් දාල ගියා.

ගමගේ අයියා බොහොම අමාරුවෙන් ඒ පුංචි දරුවො ටික ලොකු මහත් කළා. අම්මා නැතිවුණා කියලා අගහිඟ කලේ නෑ. පුළුවන් විදියට කළා.  කසාද බන්දලා දුන්නා. ඒ දරුවෝ තුන්දෙනත් එක්ක පවුලෙ දරුවො තුන්දෙනා තුන්දෙනා බැගින් පවුල් දරු පැටව් නවදෙනෙක් හම්බුනා.

හරියටම අවුරුදු 33, 32. වෙද්දී අම්මලාට තාත්තලාට වෙච්ච දේ සිදුවෙමින් පවතිනවා. එක පවුලක එක සහෝදරියගේ දියණියත් එයාගේ මහත්තයයි දෙන්නම නැති වුණා. දරු පැටවු තුන් දෙනා අනාථ වුණා. ඒ තුන්දෙනා බලාගන්නෙත් මම. ඒත් එක්කම ඒ අක්කගේ පුතා හදිසියේ රිය අනතුරක් වෙලා මියගියා. එයාටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. අනිත් අක්කගේ දුව බැඳපු මහත්තයා එකපාරටම ලෙඩක් හැදිලා අවුරුදු තිස්තුනක් වෙනකොටම මිය ගියා. එයාට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.

අහිංසක දරු පැටව් හය හතර නොදන්න නවදෙනෙක් අනාථ වෙලා. මේ සියලු දෙනාටම පුළුවන් විදියට අපි සලකනවා.ඇත්තටම මම ඉල්ලා සිටින්නේ මේ පුංචි පැටවුන්ට කවුරුහරි උදව්වක් කරනවා නම් ලොකු දෙයක් ඉන්න හිටින්න තැනක් නෑ කන්න බොන්න දෙයක් නෑ ඒ අයට කොහොම හරි අපිට පුළුවන් විදියට තමයි සලකන්නේ. ඒ නිසා මේ පැටවුන්ට අඩුම තරමේ ගෙයක් දොරක් වත් හදලා දෙනවා නම් ඒක ලොකු පිනක්"


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  463 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  918 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,197 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,735 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,985 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,300 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,340 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,328 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,652 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,390 Downloads



Top 10 Commenters

Latest Comments

Top