අවුකන බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා අකුණු සන්නාහකය සවි කිරීමට පියවර ගන්නා බවට අමාත්‍ය වරයා මාධ්ය නිවේදන නිකුත් කොට පුටුවට වී සිටින බවත් මෙතෙක් ඒ සදහා පියවරක් නොගත් අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසනවා.
ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ ගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පසුගියදා හෙළිදරව් කරමින් මාධ්‍ය මගින්ද බලධාරීන් දැනුවත් කළහ. එදිනම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්ය නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ පසුදිනම විශේෂ කණ්ඩායමක් අව්කනට යවා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දුන් බවයි .
එහෙත් අවුකන රජමහා විහාරාධිපති ශාශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ නැවත වරක් මාධ්‍ය කැඳවා කියා සිටියේ බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දුරකතනයෙන් කතා කොට මෙහි අවධානම ඇමති අකිල විරාජ් මහතාට දැනුම් දුන් බව පැවසු බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ ළමයකු බව පැවසු අයකු පැමිණ තමන් වහන්සේගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ගිය බවත් ඉන් හැර මෙයට නිසි විසදුමක් මෙතෙක් නොවුන බවත් බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කරදෙන ලෙස තමන් වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව පැවසුහ.
මේ දින වල දිගින් දිගටම විශාල වශයෙන් අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට අකුණු පාත් වූ බව විහාරාධිපති හිමියෝ පවසන අතර මෙහි පවතින අවදානම පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු සියලු අමාත්යාංශ නිලධාරින් ඇමැතිවරුන් සඳහාත් ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ පවසති.