අඩවන් කර තිබූ දොරෙන් ගේ ඇතුලට රිංගලා..
සැමියා කුලී වැඩට යනතෙක් සිට අනවසරයෙන් නිවසට ඇතුලුවී බලහත්කාරයෙන් කාන්තාවකට ලිංගික අතවර සිදුකළ අයෙකු මේ මස 14 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක නියම කළා.
එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත වූයේ ගිරිඋල්ල මස්නෝරුව ඇපලදෙණිය ප්‍රදේශයේ අයෙකු වූ අතර පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ සැමියා රුකියාවට යනතෙක් රැක සිට දරුවන් නිවසේ නොමැති අවස්ථාවක අඩවල් කොට තිබූ දොරෙන් රිංගා කාන්තාව ඇදුම් මාරුකරමින් සිටියදී අදාළ අතවරය සිදුවූ බව පැමිණිළිකාරියගේ ප්‍රකාශය අනුව අනාවරණය වූ බවයි.
අදාළ කරුණු ප්‍රතික්‍ෂේප කරමින් සැමියා හා වගඋත්තරකරු අතර දැඩි මිතුදමක් පවතින බවත් එකට සිට මත්වතුර පානය කරන බවත් සිදුවූ යම් බහින්බස්වීමක් හේතුවෙන් මෙම අසත්‍ය පැමණිල්ල සිදුකර ඇති බවත් වගඋත්තරකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට පවසා ඇප ලබාදෙන ලෙසට ඉල්ලීම් කර තිබෙනවා.
දෙපාර්ශවයෙන් ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා නියෝගයේ දක්වා ඇති හේතු මත ඇප ඉල්ලීම ප්‍රතිෂේප කළා.