Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
"සමහර අය අපේ පෞද්ගලික ජීවිතේට අනවශ්‍ය විදිහට එබිකම් කරනවා ..."

- "සමහර අය අපේ පෞද්ගලික ජීවිතේට අනවශ්‍ය විදිහට එබිකම් කරනවා ..."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,279 Views
"ඇයි මම එහෙම දුක්‌ වෙන්නෙ.."

"හරි වෙලාව ආවම මම ඒ සඳහා යොමු වෙනවා..."

රංගන ශිල්පියෙක් නිවේදකයෙක් තවත් විටෙක ඔහු ගායකයෙක්. හඩ ඇහුවත් රූපය දැක්කත් ඔහු කවුද කියලා හැමෝම දන්නවා. මේ දවස්වල හිරු ටීවී හි විකාශය වෙන බටහිර අහස ටෙලි සිත්තමටත් රංගනයෙන් දායක වන ඔහු සාරංග දිසාසේකර. කාලෙන් කාලෙට කතා බහට ලක් වෙන ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක් මේ.

සාරංග මේ දවස්‌වල හැම නාලිකාවකම දකින්න ලැබෙනවා
ම්..හැම නාලිකාවකින්ම නම් මාව දකින්න ලැබෙන්නෙ නෑ. බටහිර අහස ටෙලිනාට්‍යය නිසා හිරු නාලිකාවේ දකින්න ලැබෙනවා. ඊට අමතරව චැනල් දෙක තුනක නිවේදන කටයුතු නම් කරනවා.

 එක සැරේ නාලිකා කීපයක පෙනී සිටීම අවාසියක්‌ නෙමෙයිද?
හැම නාලිකාවකම එකම විදියෙ චරිත නිරූපණය කරනවා නම් තමයි ඔය කියන තත්ත්වෙ ඇති වෙන්නෙ. නිර්මාණවලදී බොහෝ වෙලාවට ලැබෙන්නේ එකකට එකක්‌ වෙනස්‌ චරිත නිසා මට එහෙම පෙනී සිටීම වාසියක්‌ මිසක අවාසියක්‌ වෙලා නෑ.

අලුත්ම වැඩේ බටහිර අහස ගැනත් කතා කරමුද
බටහිර අහස කියන්නෙ මම වෙනස්‌ම විදියේ චරිතයක්‌ මෙහෙයවපු ඉතාමත් ලස්‌සන ටෙලි නාට්‍යයක්‌ කියල තමයි මට කියන්න තියෙන්නෙ.

මේ වසරේ ජනප්‍රියම නළුවා නොවීම ගැන දුකක්‌ තියෙනවද?
ඇයි මම එහෙම දුක්‌ වෙන්නෙ. මම ඔය සම්මානය කීප වතාවක්‌ හිමිකරගත්ත රංගන ශිල්පියෙක්‌. අනික ඒක මටම ලැබෙන්න කියල නියමෙකුත් නැහැනෙ. මම දැනට අවුරුදු දෙකක ඉඳල ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පුද්ගලයන් දහදෙනා අතරෙ ඉන්නවා. අනික ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවමත් සම්මාන හැම එකකටම වඩා ඒක වටිනවා.

වේදිකාවේ වැඩ ගොඩකට අතගහල කියලත් ආරංචියි
මේ දවස්‌වල සරත් කොතලාවලගෙ ඒකා සාක්‌කුවේ සහ අනුර විතානාච්චිගේ මාර හොරු වේදිකා නාට්‍ය දෙක නිසා ටිකක්‌ කාර්ය බහුලයි. මාර හොරු නාට්‍යයේ ප්‍රධාන චරිතෙ තමයි මට ලැබිල තියෙන්නෙ. ඒ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලටත් නිර්දේශ වුණ එකක්‌.

හදිසියේම විදේශගත වෙනව කියන්නෙ ඇත්තද?
ඔව්. ඩුබායිවල පැවැත්වෙන වැඩසටහනකට සහභාගි වෙන්න මට අවස්‌ථාව ලැබිල තියෙනවා. කලාකරුවන් සහ ප්‍රේක්‍ෂකයන් හමුවෙලා ඔවුන් නොවුන්ගේ අදහස්‌ හුවමාරු කරගන්න අලුත්ම විදියේ සජීවි වැඩසටහනක්‌ නිසා මේ සංචාරයට මම සහභාගී වෙන්නෙ ගොඩක්‌ ආසාවෙන්.

 කොච්චර කාලෙකටද විදේශගත වෙන්නෙ..
වැඩි කාලෙකට නෙමෙයි. දවස්‌ හතරකට විතර

සිවගුරුනාදන්ගේ අලුත්ම නිර්මාණෙකටත් ආරාධනා ලැබුණ නේද
සාකච්ඡා මට්‌ටමේ තියෙන දේවල් නම් ගොඩක්‌ තියෙනවා. ඉදිරියේදී ශිවා අයියගෙ නිර්මාණයට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා.

අලුත් ගීතයක්‌ එහෙම කරන්න අදහසක්‌ නැද්ද?
අදහසක්‌ තිබුණත් ක්‍රියාත්මක කරන්න විදියක්‌ නෑ තියෙන කාර්ය බහුලත්වය නිසා. කාලය කළමනාකරණය කරගෙන ඉදිරියේදී ඒ සඳහා යොමු වෙන්න බලනවා.

 ජනප්‍රියත්වය හිසරදයක්‌ වුණ අවස්‌ථා තියෙනවාද?
ජනප්‍රියත්වය හිසරදයක්‌ වෙලා නෑ. නමුත් ජනප්‍රිය වීම තුළ සමහර අය අපේ පෞද්ගලික ජීවිතේට අනවශ්‍ය ලෙස එබිකම් කිරීම සහ ඇඟිලි ගැසීම තමයි තියෙන ලොකුම හිසරදේ. ඒක මට විතරක්‌ නෙමෙයි ඕනම ජනප්‍රිය කෙනෙකුට බලපාන පොදු සාධකයක්‌.

 මේ දිනවල සිනමාවට දක්‌වන දායකත්වය මොන වගේද?
අලුත්ම චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. රන්දික කියලා අලුත් අධ්‍යක්‍ෂවරයෙක්‌ ඔහුගේ විශ්ම කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව සම්බන්ධ කර ගත්තා. ඒ අතරේ සඳරුවන් ජයවික්‍රමගේ සිහින අභිෂේකය සහ ශ්‍රියානි අමරසේන මහත්මියගේ පාද යාත්‍රා චිත්‍රපටයටත් සම්බන්ධ වුණා.

 රංගනයෙන් ලැබුණු අත්දැකීම් එක්‌ක අධ්‍යක්‍ෂණයට පිවිසෙන්න අදහසක්‌ නැද්ද?
අධ්‍යක්‍ෂණය කියන්නෙ වෙනම විෂයයක්‌. රඟපෑම කළ පමණින් අධ්‍යක්‍ෂණය කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ. අනික අධ්‍යක්‍ෂණය කියන්නෙ ලොකු වගකීමක්‌ එක්‌ක දැඩි පීඩනයකින් කරන්න වෙන කටයුත්තක්‌. මම අධ්‍යක්‍ෂණයට කැමැතියි. තාම මේක ඒ සඳහා කාලය නෙමෙයි. හරි වෙලාව ආවම මම ඒ සඳහා යොමු වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  463 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  918 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,210 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,736 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,985 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,303 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,340 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,328 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,652 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,390 Downloads



Top 10 Commenters

Latest Comments

Top