Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
අග හිඟකම් මැද රටට අභිමානයක් ගෙන එන්නට වෙරදරන දිරිය දියණිය "නවාංජනා" - Video

- අග හිඟකම් මැද රටට අභිමානයක් ගෙන එන්නට වෙරදරන දිරිය දියණිය "නවාංජනා" - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,578 Views
"අනාගතයේදී ජාතික තලයට  යන්න පුළුවන් ක්‍රීඩිකාවක්"

"ජාත්‍යන්තර ජයග්‍රණයක් ලබා ගන්න එක තමයි එකම බලාපොරොත්තුව."

අග හිඟකම් මැද වුවත් රටට බරක් නොවූ අභිමානයක් වන්නට වෙරදරන දරුවන් ගැන රටට කියන්නට හිරු ස්පෝට්ස් වෙන් කළ විශේෂාංගය දිනන ළමයි.

හෙට දින ලොවට අභියෝග කරන්නට සවිය ඇති දිරිය දියණියක් සොයා අපි පැමිණියේ කන්ද උඩරටට.

ඇය නමින් නවාංජනා මධුමාලි, ඉගෙනගන්නේ මහනුවර ගෝතමී බාලිකා විද්‍යාලයේ.

මලල ක්‍රීඩාවටපමණක් නොව ඇය ක්‍රිකට් ක්‍රීඩාවටත් එක වගේ දක්ෂතා දක්වනවා.

ඉතාමත් කටුක ජීවිතයක් ගත කරන නවාංජනා ඇතුළු පවුලට විවිධ කරදර වලට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ ලෙසයි.

නවාංජනාගේ මව

"අපි මුලින් ව්‍යාපාර හොදින් කරගෙන හිටියා. ඊට පස්සේ මගේ පියාගේ වකුගඩු අමාරුව හැදිලා රෝගී තත්ත්වයට පත්වුණා. ඉතිං අපේ සියලු දේවල් මගේ පියාගේ රෝගයට වියදම් කරන්න වුණා. දරුවෝ 4 දෙනාම මේ වනවිට අධ්‍යාපනය ලබනවා. සැමියා කුලී වැඩ තමයි කරන්නේ. ආහාර පාන හැරුණුකොටගෙන දරුවාගේ ක්‍රීඩා කටයුතු ගොඩක් අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. මගේ දුව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් වගේම දක්ෂතම මලල ක්‍රීඩිකාවක් වෙලා සුසන්තිකා මැඩම් වගේ රටට කීර්ති නාමයක් ගෙන එන්න පුළුවන් තැනට මගේ දරුවා යයි කියන බලාපොරොත්තුවත් මට තියෙනවා. "

මේ හේතුවෙන් අවසානයේ ඔවුන්ට සිදුවුනේ දරුවන් හතර දෙනෙකු සමග, පන්සලෙන් ලැබුණු ඉඩමක අටවාගත් මේ පුංචි නිවසේ කූඩු වන්නටයි.

දිනෙන් දින ඉහල යන ජීවන බර හේතුවෙන් නවාංජනාගේ ක්‍රීඩාව, ගෙදරට පමණක් සීමා වන්නට පටන්ගෙන ඇත්තේ අග හිඟකම්ත් දුප්පත්කමත් හරස් වූ නිසාවෙන්.

නවාංජනා පැවසු දේ පහතින්..

"මේ ක්‍රීඩා දෙකම ඉස්සරහට කරගෙන යන්න ලොකු වියදමක් යනවා. ඒ නිසා ඒ තරගවලට යන්න  ගොඩක් වෙලාවට හැකියාවත් නැති වෙලා තියෙනවා. මං ආසයි මලල ක්‍රීඩා සහ ක්‍රිකට්වලින් ගොඩක් ඉස්සරහට යන්න. ජාත්‍යන්තර ජයග්‍රණයක් ලබා ගන්න එක තමයි තියෙන එකම බලාපොරොත්තුව."

මෙවන් දිරිය දරුවන් රැකගන්නට වැඩපිළිවෙලක් සකස් නොකරන තාක් කල්, අනාගතයේ ජාත්‍යන්තර පදක්කම් පිලිබඳ සිහින දකින්නට හෝ හැකියාවක් මෙරට ක්‍රීඩා බලධාරීන්ට තිබේද යන්න ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන් තුළ නැගෙන ගැටලුවයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,573 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,753 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,338 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,504 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,299 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top