අඳ, ගොලු, බිහිරි හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් තරුණ තරුණියන්ගෙන් යුත් කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා ඇල්ල සුදර්ශී විශේෂ පාසලේ දී පැවැත්වුණා.
මෙම වැඩසටහන එම කණ්ඩායම විසින් සංවිධානය කරන ලද සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ පස් වන අදියර බව සඳහන්.
මෙම වැඩසටහන විවිධ ආකාරයන්ගේ නර්ථනාංග, රැඟුම් සහ දරුවන් වෙනුවෙන් සූදානම් කළ විවිධාකාරයන්ගේ ආහාර පාන සංග්‍රහයන්ගෙන් ද, වැඩසටහන අවසානයේදී ඔවුන් හට වෙනස්ම අත්දැකීමක් ලබා දීමේ අරමුණින් සූදානම් කළ DJ සංගීත ප්‍රසංගයකින්ද අලංකාරවත් වී තිබුණා.
වැඩසටහන පුරාවටම පාසලේ දරුවන් මහත් වූ ප්‍රීතියෙන් යුතුව සහභාගී වෙමින් අමතක නොවන අත් දැකීමක් ලබා ගෙන තිබුණා.
සමාජයේ බහුතරයක් තම මුදල්, ශ්‍රමය හා කාලය තමාගේම අවශ්‍යතා සඳහා පමණක් සහ අර්ථ විරහිත ක්‍රියාකාරකම් වෙනුවෙන් වැය කරන මෙවන් යුගයක මෙම තරුණ කැළ විසින් ගන්නා ලද මෙම ප්‍රයත්න මාලාව බෙහෙවින් අගය කළ යුතුයි