Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
මියගිය දසුන්ගේ අදහසකට අනුව හැදුණු ගීතය ගායනා කරන සංගීත් ඒ ගැන කියන කතාව - Video & Photos

- මියගිය දසුන්ගේ අදහසකට අනුව හැදුණු ගීතය ගායනා කරන සංගීත් ඒ ගැන කියන කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,603 Views
"දසුන් හිටපු මානසිකත්වය මේ සිංදුව පුරාම තියෙනවා"

"කවදාවත් මාව මාර්කට් කරගන්න වැඩ කරන්නේ නැහැ"

"ශලනි මට කතා කළේවත් නෑ"

දසුන් නිශාන්ගේ මරණයත් සමග විවිධ කටකතා මෙන්ම විවිධ ගීත නිර්මාණ පවා බිහිවුණා.

ඒ නිර්මාණ අතර දසුන්ගේ අදහසකට අනුව ලියැවුණු " මගේ මරණ මංචකයේ" ගීතය ගැන ලොකු කතාබහක් ඇති වුණා.

එම ගීතය ගායනා කළේ සංගීත් කොඩිතුවක්කුයි. ඔහු ඒ පිළිබඳව සති අන්තපුවත්පකට තොරතුරු පවසා තිබුණා. එම සටහන පහතින්.

සංගීත්ගේ වැඩ අපිට දකින්න හම්බවුණේ රංගන ක්ෂේත්‍රය කැළඹුණු කාලෙක නේද?
ඔව් මගේ පළමු වැනි ගීතය" තරු ඇර සිටින රෑ අහසට" දෙවැනි ගීතය තමයි " මගේ මරණ මංචකයේ".

දසුන්ගේ සින්දුව හදන්න කලින් ඔයා එයාගේ යාළුවෙක්ද?
මගේ පළමු ගීතයේ රූප රචනාවට රංගනයෙන් දායක වුණේ දසුන් නිශාන්. එතැනදි තමයි අපි යාළුවෝ වෙන්නේ.

රඟපෑම් කරන කාලෙත් ශලනි ගැන කතාබහ වෙන කාලේ ගැන මතකද?
ශලනි, දසුන්ගේ හොඳ යාළුවෙක් කියලා විතරයි මම දැනගෙන හිටියේ. මම ඒ වෙනකොට දසුන් විවාහකයෙක් කියලවත් දන්නේ නැහැ. මොකද දසුන් හිටියේ පන්නිපිටියේ බෝඩිමක.

" මගේ මරණ මංචකයේ" සින්දුව එයා ඔයාට දුන්නේ කොයි කාලෙද?
දසුන් නැතිවෙන්න මාසෙකට කලින්. මොකද මේ ගීතයේ අදහස දසුන් දුන්නට පස්සේ නඳුන් අයියා ලිව්වා. ඊට පස්සේ තමයි මම ෆේස්බුක් එකේ Coming Soon එකක් දැම්මේ සැප්තැම්බර් 4 වැනිදා.

හැබැයි මේ ගීතය කළේ මෑතක නේද?
නැහැ. ඊට කලින් තමයි සින්දුව කළේ.

ඇයි හැම දෙයක්ම වෙනකන් ඉඳලා සිංදුව කළේ?
දසුන් නැතිවුණාට පස්සේ මේ සිංදුව කළේ නැහැ. ඒත් දසුන් හිටපු මානසිකත්වය මේ සිංදුව පුරාම තියෙනවා.

මේකත් එක්තරා විදිහකට මාර්කටින් වැඩක්ද?
කවදාවත් මාව මාර්කට් කරගන්න වැඩ කරන්නේ නැහැ. මේ සින්දුව කරන්න කළිනුත් මම ගොඩක් ජනප්‍රියයි ගුණදාස කපුගේ මහත්මයාගේ ගීත ගායනය නිසා.

" මගේ මරණ මංචකයේ"සිංදුවත් ශලනිව ආපහු වට්ටන්න ගහපු ගේමක්ද?
කවදාවත් නැහැ. " මගේ මරණ මංචකයේ" ගීතයෙන් පස්සේ ගොඩක් අය සින්දු කරන්න ගත්තා මරණය ගැන.

සින්දුව එළියට ආවට පස්සේ ශලනි ඔයාට කතා කළාද?
නෑ එයා මට කතා කළේවත් නෑ.

එම ගීතය පහතින්



Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  3,900 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,494 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,826 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,123 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,124 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,407 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,020 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,400 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,923 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,689 Downloads



Top 10 Commenters

Latest Comments

Top