තම ස්වාමි පුරුෂයාට පොල්ලකින් පහර දී ඝාතනය කළ බව කියන කාන්තාවක්ව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - පාතිමා මාවත පදිංචිව සිටි 49 හැවිරිදි මසෙව්වගේ සුජී චමින්ද තුෂාර නම් අයෙක්.
සිව් දරු පියෙකු වන මොහු ස්ථීර රැකියාවක් කර නොමැති බව පොලීසිය පවසනවා.
පසුගිය 11 වැනිදා රාත්‍රියේ අධික ලෙස බීමතින් පැමිණ ඇති මරණකරු පොල්ලක් රැගෙන තම බිරිදට පහර දීමට උත්සාහ කර ඇති බවත් තමන්ට පහර දීමට සැමියා ගෙන ආ පොල්ල රැගෙන ඉන් ඔහුට පහර දුන් බව සැකකාර කාන්තාව පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
පසුව සැකකාරිය තම සැමියාට පහර දීමට උපයෝගී කර ගත් පොල්ලත් රැගෙන පොලීසියට පැමිණ බාර වී ඇත.
වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එල්.බී.අබේරත්න මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වනවා.