Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
දෑවැද්දට නයෙක් සමග නයි පෙට්ටියක් දීලා වවුනියාවේ පැවැත්වු අපූරු තෙළිඟු විවාහයක් - Photos

- දෑවැද්දට නයෙක් සමග නයි පෙට්ටියක් දීලා වවුනියාවේ පැවැත්වු අපූරු තෙළිඟු විවාහයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,750 Views
මනමාලියගේ ගෙල බැඳෙන්නේ පබළු මාලයක්...

වියනක් යටින් ඔවුන් කැඳවාගෙන ඇවිත් රිදී මුදු මාරු කරනවා.

විවිධ රටවල විවිධ සංස්කෘතීන් අනුව විවාහ සැමරීම සිදුකරන්නේ විවිධ සංස්කෘතිකාංග සමඟයි.

විවාහය යනු යොවුන් සිතෙහි දහසක් බලාපොරාත්තු මල් පළගැන්වෙන ජිවිතයේ මහගු අවස්ථාවක්.

පෙන්ලි සෙස්තාව් යනු තෙළිඟු ජාතික සහෝදර ජනතාව විවාහය හඳුන්වන නමක්. එවැනි අත්දැකීමක් පසුගියදා අපට වවුනියාවේදී දැකගැනීමට හැකිවිණා.

තෙළිඟු ජනතාව ජිවත්වන වවුනියාව නොච්චිකුලම ගම්මානයේ පෙන්ලි සෙස්තාවක් එහෙමත් නැතිනම් විවාහ චාරිත්‍රයක් පවත්වා තිබෙනවා.

මසන්නාගේ මල්කාන්තිට වයස අවුරුදු 19යි. ඇය  20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර සමග පසුගිය දා විවාහ වුණේ තෙළිගු සම්ප්‍රදායක චාරිත්‍රවලට අනුවයි.

පෙන්ලි සේස්තාව් වූ මොවුන්ව රඹන් ගසා පිලිගත්තේ රැහේ වැඩිහිටියන් විසිනුයි.

මෙහිදි වියනක් යටින් ඔවුන් කැඳවාගෙන ඇවිත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කල මුදු මාරුවක් සිදුවෙනවා. මනමාලියගේ ගෙල බැඳෙන්නේද පබළු මාලයක්.

පැරණි සිරිතට අනුව නිවැරැදිවම සිදුවනවානම් මොල් ගස් දෙකක් හරහා දමා ඒ මත සිටගෙන සිටින යුවල ඇඹරූ සුදු හාල් මිශ්‍ර  ජලයෙන් නහවා මෙම මුදු මාරුව හා මාල බැඳීම සිදුවන බව නොච්චිකුලම ගම්මානයේ ප්‍රධානියෙකු වන ඒ.මසන්නා මහතා පැවසුවා.

රත්තරන් මාල බැඳීමක් හෝ මුදු මාරුවක් නොවන බවත් වර්තමානයේ සමහර දේවල් දුරස්ව ඇති බව පවසන ඔහු එත් තමන්ට පුළුවන් විදියෙන් පාරම්පරික සිරිත් ඉදිරි පරම්පරාවට ගෙන යාමට උත්සව අවස්ථාවල කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා..

වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  නොච්චිකුලම ගම්මානය මෙම ජන කොටස ජීවත්වන එකම ගම්මානයයි.

පවුල් 54 ක් පමණ මේවන විට ජීවත්වන අතර ඔවුන්ට අනුව ඔවුන්ගේ ජාතිය හා භාෂාව තෙළිඟුය . ඇතැමෙක්  තමන්ගේ ජාතිය වඩිග බවද කියයි.මොවුන් දැන් සාම්ප්‍රදායික හැකියාවන්වූ රිලා නැටවීමෙන් නයිනැටවීමෙන් සාස්තර කීමෙන් දුරස්වෙමින් සිටිනවා.

ගෙවතු වගාවට හා මාළු ඇල්ලීම වැනි රස්සාවලට යොමුවනවා මෙන්ම ඇතැමෙක් ඇවිදීමෙන් භාණ්ඩ අලෙවිය වැනි කටයුතුවලද නිරතව සිටිනවා.

එහෙත් තවමත් ඔවුන් තවමත් තම සම්ප්‍රදායන්ට ගරුකරමින් ජීවත්වන අතර මෙම විවාහ උත්සවය පසුගියදා පැවැත්වුයේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ජානක මහතාගේ ප්‍රධානත්වයෙන්.

විවාහයෙන් පසුව පැල්කොටයට මනමාල යුවලට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස දෙන්නේ හරකාබාන නොව නයෙක් සමග නයි පෙට්ටියක්.

ඒ ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මග පාදා දීමක් බව එම් . තිම්මන්නා මහතා පැවසුවා.
.
මනමාලියගේ මව 54 හැවිරිදි මසන්නාගේ මසක්කා මහත්මිය පවසන්නේ තමන්ගේ තුන්වන දියණිය ගේ විවාහ මංගල්ලය ගැන රැහේ හැමෝම සතුටෙන් සිටිනවා සේම ඔවුන්ට ඔවුන්ට හැමෝගේම ආශිර්වාදයද ලැබී ඇති බවයි.

නයි නලාව වයමින් හා රඹන් ගසමින් අත්පුඩියෙන් හා නැටුමෙන්ද විවාහ උත්සවය අලංකාරවත් වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  464 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  918 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,210 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,736 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,985 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,304 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,340 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,328 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,652 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,390 Downloads



Top 10 Commenters

Latest Comments

Top