Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
12
හතුරුසිංහගේ තීරණයට බංග්ලාදේශයම දුක් වෙයි

- හතුරුසිංහගේ තීරණයට බංග්ලාදේශයම දුක් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
චන්දික හතුරුසිංහ, බංග්ලාදේශ ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහ එරට ක්‍රිකට් බලධාරීන්ගේ දැඩි කම්පනයට හේතු වී ඇති බව වාර්තා වනවා.

මීට මාසයකට පමණ පෙර දකුණු අප්‍රිකානු චාරිකාවේදී හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙනු ලැබූව ද කණ්ඩායමේ සාමාජිකයන්ට සහ ක්‍රීඩාලෝලීන්ට ඒ බව දැන ගැනීමට ලැබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදියි.

නොවැම්බර් 15 වැනිදායින් පසු බංග්ලාදේශයට පැමිණ ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි හතුරුසිංහ දැනුම් දී ඇත්තේ.

2014 වසරේදී හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා යෝජනා කළ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ කලීඞ් මහමුද් කියා සිටියේ හතුරුසිංහගේ ඉවත්වීම තමා විස්මයට පත් කළ බවයි.

ඔහු බංග්ලාදේශ පිළේ හිටපු නායකයෙකු ද වනවා. මේ අතර, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධාන තීරක ෆාරුක් අහමඩ් කියා සිටියේ හතුරුසිංහ ඉල්ලා අස්වූ කාලවිරාමය පිළිබඳව ගැටළුවක් පවතින බවයි.

ඔහු 2019 ලෝක කුසලානය දක්වා බංග්ලාදේශය රැගෙන යාමට ගිවිස ගත් පුහුණුකරුවෙකු මෙන්ම ලොව වැඩිම මුදලක් ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ද ෆාරුක් අහමඩ්, හතුරුසිංහ හඳුන්වා තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය සඳහන් කළා.

හතුරුසිංහ මෙරට ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ දැඩි අවධානයක් යොමුව ඇති බවත් එම වාර්තා වල සඳහන් .
ඊට අමතරව එම තනතුර භාර ගැනීම පිලිබඳ, ඕස්ට්‍රේලියාවේ ජෙෆ් මාෂ්, ඩීන් ජෝන්ස් සහ එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් යන පුහුණුකරුවන් ගෙන්ද විමසීම් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල නිලධාරියෙක් හිරු ස්පෝර්ට්ස් වෙත පැවසුවේ මෙම සියලු පුහුණුකරුවන් අදාළ තනතුර භාර ගැනීමට පෙර තමන්ට අවශ්‍යතාවක් ඇති වූ විට ගිවිසුමෙන් බැහැරවීමේ කොන්දේසියක් අවශ්‍ය බවට දැනුම් දී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ප්‍රධාන පුහුණුකරු පුරප්පාඩුව ලබන ජනවාරි මාසය වන විට පිරවීමට නියමිතයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top