Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
11
තරුණ කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා ව්‍යාපාරයට යොමු කළ ඡාවාරමක් වැටලූ හැටි මෙන්න - Video

- තරුණ කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා ව්‍යාපාරයට යොමු කළ ඡාවාරමක් වැටලූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,407 Views
සැමියන්ගෙන් වෙන්ව ජීවත්වන බවත් හෙළිවෙලා..

එක් තරුණියක් රුපියල් 8000 කට අලෙවිවනවා....

හිමිකරු කාන්තාවන් සමග සූක්ෂම හිතවත්කම් ගොඩනගාගෙන...

තරුණ කාන්තාවන් බලහත්කාරයෙන් මහනුවර ප්‍රදේශයේ නිවසක රඳවාගෙන ගණිකා ව්‍යාපාරයේ යෙදවූ ජාවාරමක් හිරු සී.අයි.ඒ ලබාදුන් තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය වටලනු ලැබුවා.

අද සී.අයි.ඒ අනාවරණය එම වැටලීම පිළිබඳවයි.

මෙරට සූක්ෂමව සිදුකරන දූෂණ වංචා හඹායන හිරු සී.අයි.ඒ 2016 වසරේ ජනවාරි 9 වැනිදා මහනුවර ෆිම්රෝස් උද්‍යාන පෙදෙසේ තෙමහල් නිවසක තරුණියන් බලහත්කාරයෙන් රඳවා ගණිකා ජාවාරමේ යෙදවූ ක්‍රියාදාමයක් රටට හෙළිකළා.

හිරු සී.අයි.ඒ වෙත නැවතවරක් තොරතුරු වාර්තා වුණේ එම ස්ථානයට යාබද පෙදෙසක පාළු නිවසක් තුළ තවත් තරුණියන් පිරිසක් බලහත්කාරයෙන් රඳවා මුදලට අලෙවි කරන බවටයි.

අදාළ නිවස වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් නිවසේ දොරටුව අසළට පැමිණ එහි ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාගත් පසු ආරක්ෂිත කැමරා මගින් නිරීක්ෂණයට  ලක්කෙරෙනවා.  

ගනුදෙනුකරුවන්ට මෙහි දොරගුලු විවර වන්නේ ඉන් අනතුරුවයි.

මෙහිදී තරුණියක් රුපියල් 8000 කට අලෙවිවන අතර නිවසේ කාමර තුළ රඳවා සිටින තරුණියන් ගනුදෙනුකරුවන්ට පෙන්වන්නේ අදාළ ස්ථානයේ මුරට සිටිනා පුද්ගලයා විසින්.

මෙහි සිදුවන දෑ සියල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් මෙම ස්ථානය වැටලීමට කටයුතු කළා.

වැටලීමේදී වයස අවුරුදු 24 ත් 30 ත් අතර පසුවන කාන්තාවන් සිව්දෙනෙකු සහ අදාළ ස්ථානයේ මුරකරු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කාන්තාවන් සැමියන්ගෙන් වෙන්ව ජීවත්වන අතර වැටලීමේදී හෙළිවූයේ මෙහි හිමිකරු කාන්තාවන් සමග සූක්ෂම හිතවත්කම් ගොඩනගාගෙන පසුව ඔවුන් මෙම ස්ථානයට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා සේවයේ යොදවා ඇති බවයි.

මෙහි මුරට සිටිනා පුද්ගලයා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරීමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූවෙක් වන අතර කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන ආහාරපාන පවා සකස්කර දී තිබුණේ ඔහු විසින්.

මෙහි සිටි කාන්තාවන් සිව්දෙනා සහ මුරකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා ජාවාරමේ යෙදවූ මෙහි හිමිකරු සොයා ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,108 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,840 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,051 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,652 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,342 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,818 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,376 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,260 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,416 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,553 Downloads



Top 10 Commenters

Latest Comments

Top