නිරුවත් ඡායාරූප ෆේස්බුක් තුල හුවමාරු වීම වැලැක්වීම සඳහා එම සමාගම විසින් නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට සූදානම් වනවා.
මේ වැඩේට විවිධ පුද්ගලයන්ගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් ආයතනයට ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කරනවා.
කැමති පිරිසට තමන්ගේ නිරුවත් ඡායාරූපයක් ෆේස්බුක් ආයතනයට දෙන්න පුළුවන්.
මෙහිදි සිදුවන්නේ ඔබ ලබා දෙන ඡායාරූප විශේෂ සැසඳීමේ තාක්ෂණයක් තුළින් ඩිජිටල් සංකේතයක් බවට පත්කිරීමයි.
එහිදි ඔබේ ඡායාරූප හඳුනාගැනීමට හැකිවන්නේ ෆේස්බුක් ආයතනයට පමණයි.
කිසියම් හේතුවක් නිසාවෙන් කවුරුන් හෝ ඔබේ නිරුවත් ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට ඇතුළත් කළහොත් එම ඡායාරූප අප්ලෝඩ් වී වැලැක්වී යනවා.
ෆේස්බුක් ආයතනයට මේ සඳහා යොදාගනු ලබන්නේ වයස අවුරුදු 18 ට වඩා වැඩි පුද්ගලයන්ගේ ගිණුම් පමණයි.