Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
11
‘‘මැරෙන්න ඕන කියමින් දුක කියලා අඬද්දි මම මැරුවා..“ තරුණියන් 8 ක් මරා ගෙයි හැංගූ භයානක මිනීමරුවා - Video

- ‘‘මැරෙන්න ඕන කියමින් දුක කියලා අඬද්දි මම මැරුවා..“ තරුණියන් 8 ක් මරා ගෙයි හැංගූ භයානක මිනීමරුවා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,764 Views
පෙම්වතිය සොයා ආ පෙම්වතාවත් මරලා..
ජීවිතය කළකිරුනු අය හඳුනාගෙන ගෙදරට ගෙන්නලා..
සියදිවිනසාගැනීමට සිතෙන අයට උපදෙස් දෙන කෙනෙක්...

පසුගිය ඔක්තෝබර් මාසයේ අභිරහස් ලෙස කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමියෙකු මරා දමා සිරුරු කොටස් රසායනික දියරයක් තුළ ගිල්වා නිවසේ කබඩ් ලාච්චුවල හා ශීතකරණවල සඟවා තැබූ බව කියන ජපන් ජාතිකයෙකු පොලිසියට හසුවූ වී තිබෙනවා.

27 හැවිරිදි තකහිරෝ ෂරයිසි නමැති මෙම ඝාතකයා ‘සීරියල් කිලර්‘ කෙනෙකු ලෙස හඳුන්වාදී ඇති අතර මේ සිදුවීම ජපන් මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇති කරවන්නට සමත්ව තිබෙනවා.

මෙම ඝාතන පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය හෙළිකරගෙන ඇත්තේ මෙම ඝාතන 9 න් 8 ක්ම තරුණියන් බවයි.

ඒ සෑම තරුණියකම සමාජ මාධ්‍ය තුළ ජීවිතය ගැන කළකිරීම් සහිත සටහන් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව මෙසේ මරා දමා තිබී ඇති බවද හඳුනාගන්නට හැකිවි තිබෙනවා.

ඝාතකයා සිදු කළ පාපොච්චාරණය අනුව ඔහු සියදිවිනසාගැනීමේ මානසිකත්වය ඇති අයට උපදේශකයෙකු ලෙස සේවා සපයා තිබෙනවා.

ට්විටර් සමාජ ජාලය මුල් කරගෙන ප්‍රේමය හෝ ජීවිත ප්‍රශ්න මුල් කරගෙන කළකිරුණ අය හඳුනාගත් බවත් පසුව ඔවුන්ට පණිවිඩ සපයා ඔවුන්ගේ දුක බෙදාගත් බවත් ඔහු හෙළි කර තිබුණා.

අනතුරුව ඔවුන්ගේ ජීවිත සකස් කරගන්නට වැඩිදුර උපදේශනය සැලයීමට තමන් වාසය කරන Zama ප්‍රදේශයේ මහල් නිවසට එන ලෙස ඔහු ආරාධනය කර ඇති අතර එසේ එන තරුණියන් තමන්ට මැරෙන්න ඕනෑ යයි කෑගසමින් දුක කියන විට තමා ඔවුන් මරා දැමූ බවද හෙළිකර තිබුණා.

සියලු මළ සිරුරු නිවසින් පිටතට රැගෙන නොයා ඒවා කෑලි වලට ඉරා දමා නිවසේ තැන් තැන් වල නරක් නොවන ලෙස තැන්පත් කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මියගිය එක් තරුණියකගේ පෙම්වතෙකු වරක් මෙම නිවසට පැමිණ ඇත්තේ ඇය යන තැන ඔහුට කියා ගොස් තිබුණ බැවින්. ඒ අවස්ථාවේ එම පෙම්වතාවද ඔහු විසින් මරා දමා තිබෙනවා.

අවසාන වශයෙන් තවත් තරුණියක මරාදමා තිබුණ අවස්ථාවක ඇගේ දෙමාපියන් ඇය ගිය ස්ථානය දැනගෙන පොලිසියට දැනුම්දීමෙන් පසු මෙම පුද්ගලයා කොටුවූ බවයි වාර්තා වන්නේ.

මියගිය අය අතර 15 හා 17 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකුත් 19 හැවිරිදි සරසවි සිසුවියකත් 20,21 හා 27 හැවිරිදි සාප්පු සේවිකාවන් තිදෙනෙකුත් 23 හා 25 හැවිරිදි රැකියා අපේක්ෂිත තරුණියන් දෙදෙනෙකුත් එක් තරුණියකගේ 20 හැවිරිදි පෙම්වතාත් සිටිනවා.





Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  3,932 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,495 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,828 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,123 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,124 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,416 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,020 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,401 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,925 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,689 Downloads



Top 10 Commenters

Latest Comments

Top