Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
11
"මම කසාද බැන්දේ මහා ප්‍රසිද්ධ ගායකයෙක්‌ව නෙමෙයි.. පාසලක ගුරුවරයෙක්‌ව.." ටි එම් ජයරත්නගේ බිරිද කියයි

- "මම කසාද බැන්දේ මහා ප්‍රසිද්ධ ගායකයෙක්‌ව නෙමෙයි.. පාසලක ගුරුවරයෙක්‌ව.." ටි එම් ජයරත්නගේ බිරිද කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

114 Views
"සමහර ගී ලියලා ආපසු කියවද්දී ඇඬෙනවා..."

"එයා තමයි මට ආශිර්වාදයක්‌ වුණේ.."

ටි එම් ජයරත්නයන් කියන්නේ ගයන්න රුසියෙක්. ඔහුගේ ආදරණිය බිරිද ගී පැබඳුම් ගොතන්න රුසියෙක්.ඇය මාලනී ජයරත්න.ඒ නමට වඩා ඇය අතින් ලියැවුණු ගීත වඩාත් ජනප්‍රියයි.  සොඳුරු අතීතයෙ නිමල පැතුම වී කියන ගීතය ඇය අතින් ලියන පළමු ගීතයයි.එතැනින් පසුව ඇය අතින් බොහෝ ගීත ලියවුණා.ඒ ගීත කතා බහට ලක් වුණා.මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.



මම ලියූ සමහර ගීත මැකී ගිහින් මම වෘත්තීයමය ගී පද රචිකාවියක්‌ නොවේ. ඒ නිසා වැඩිපුර උනන්දුවක්‌ දැක්‌ වූයෙත් නෑ. සමහර ගී පද ලියූ කොළ කැබැලි ඉරිලා ගිහින්. සමහර ඒවා තවමත් කටුසටහන්. ගයා ඇති ගීත මෙන්ම නොගැයූ ගී පදත් තියෙනවා. ඉතින් මට හිතුණා ඒ සියල්ල එකතු කරන්න ඕනෑ කියලා. මාලිනී ජයරත්න සංවාදය ඇරැඹුවේ එලෙසිනි.
 
 මම පසුගිය දවස්‌වල ශල්‍යකර්මයක්‌ කරලා එක්‌තැන්වෙලා හිටියේ. ඉතින් මා ලියූ ගීත සියල්ල අරගෙන බැලුවා. ඒ සියල්ල අලුතින් පොතක ලියුවා. මේක දැකපු සුනිල් සරත් පෙරේරා මහත්තයයි, සමුද්‍ර වෙත්තසිංහ සොයුරයි යෝජනා කළා පොතක්‌ කරමු කියලා. ඉතින් අපේ මහත්තයත් කිව්වා පොතක්‌ කරන්න කියලා. ඒ නිසා තමයි ගයා ඇති, නොගැයූ ගීත සීයක්‌ එකතු කරලා මේ පොත එළිදක්‌වන්නේ. ඒ එක්‌කම සීඩී එකකුත් නිකුත් කරනවා.
 
ඈ ගීත සියයකට වැඩි ගණනක්‌ ලියා ඇත. එහෙත් ඒ අතරින් ගැයෙන්නේ ඉතා සුළු ගීත සංඛ්‍යාවකි.
 
මගේ මහත්තයා ගායන ක්‍ෂේත්‍රයේ ඉහළටම ගිය ප්‍රසිද්ධ ගායකයෙක්‌. ඉතින් එයාට මා ලියූ ගීත දුන්නා මිසක මගේ ගීයක්‌ ගයන්න කියලා තවත් අය පසුපස ගියේ නෑ. තරුණ සේවා සභාවේ ළමයින් හුඟ දෙනෙක්‌ ඇවිත් මට වැඳලා මගේ ගීත ඉල්ලාගෙන යනවා. ඒ වගේම අලුතින් එන අයත් මගේ ගීත ලබා ගන්නවා.
 
 නිදහසේ සැනසිලා
 හිඳින ගැහැනිය සොයමි
 මනෝමය සිතුවමක්‌ නිසා
 කලබල නොවෙමි....

malani4විශාරද නන්දා මාලිනී මම කැමැතිම ගායිකාව. දවසක්‌ කාන්තා හා මාධ්‍ය සාමූහිකය ඇය නමින් සංයුක්‌ත තැටියක්‌ කළා. ඊට රචිකාවියන්ගෙන් ගීපද ඉල්ලා තිබුණා. මමත් ගීත කිහිපයක්‌ යෑව්වා. ඉන් තෝරාගත් ගී රචිකාවියගේ නම සඳහන් නොකර ගායිකාවන්ට ලබාදී තිබුණා. මගේ ගීය නන්දා මාලිනිය තෝරාගෙන තනුවක්‌ යොදා ගැයුවා. ඒක තමයි නිදහසේ සැනසිලා ගීය. ඊට අමතරව නෙලූ අධිකාරි, සමිතා මුදුන්කොටුව, ශෂිකා නිසංසලා වැනි ජනප්‍රිය ශිල්පිණියන් මගේ ගීත ඉල්ලගෙන තිබෙනවා. ඒ සියල්ල සිද්ධ වුණේ "අම්මා සඳකි" ගීයේ ආලෝකය නිසා. ගීත නිර්මාණ ක්‍ෂේත්‍රය ඒ කියන්නේ ඔස්‌කා සංවිධානය ගී සියපතට මගෙන් ගී පදමාලා ඉල්ලුවා. ඒ එක්‌ ගීයක්‌ තමයි සුනිල් එදිරිසිංහ ගයන්නේ. සංගීතය සමන්ත පෙරේරාගේ
 
 වෙහෙසකර දිවිකතර
 
 මා දවන සරතැසින
 
 සිතැඟි සේ නිවන්නට
 
 ඔබ නොවෙද අම නිවන
 
 ඊට අමතරව චන්ද්‍රලේඛා සමග මගේ මහත්තයා ගායනා කරන "පැතුම් විමානේ, තරු එළියෙන් නොව" ගීයත් මහත්තයා ගයන දරු දිරි වඩා, තිලොවග නාහිමි ගීයත් මගේ පබැඳුම්.
 
 සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
 
 මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
 
 ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
 
 ආදරයෙන් හමුවෙන්න ඇතී
 
 සොඳුරු අතීතයෙ මාලිනී සිය සැමියා, ටී. එම්. ට ලියූ පළමු ගීතයයි.
 
 මම කසාද බැන්දේ මහා ප්‍රසිද්ධ ගායකයෙක්‌ නොවේ. පාසලක ගුරුවරයෙක්‌. ඒ ප්‍රේම සම්බන්ධයකින්. මම ගී ලියන්න පටන් ගත්තේ ඔහු හමුවෙන්න කලින් ඉඳලා. තරුණ කාලේ මහත්තයා සරල ගී වැඩසටහනකට යද්දී මගෙන් අහනවා මොනවා හරි ලියපුවා නැද්ද කියලා එහෙම තමයි පළමුව "සොඳුරු අතීතයේ" ගීය ගැයුවේ. මට හැඟෙන හා අන් අයගේ අත්දැකීම් පවා මගේම කරගෙන තමයි මම ගී ලියන්නේ. ගීයක්‌ ලියුවාට පසු මගේ හිත නිදහස්‌. සමහර ගී ලියලා ආපසු කියවද්දී ඇඬෙනවා. ඒ වගේම මගේ නිර්මාණ දිහා බලලා මම සතුටු වෙනවා.
 
දීපිකා ප්‍රියදර්ශනීටත් ගීතයක්‌ ලියන්න ලැබීම සතුටක්‌. අද හොඳ ගීත ඇහෙන්නෙ නෑ. වැඩිපුරම තියන්නේ හරසුන් ගී. ඒ නිසා තමයි මේ වගේ ගී පොත් අවශ්‍ය වෙන්නේ. අපි හිටියත් නැතත් කවදාහරි මේ ගීත පොත් බලලා හොඳයි කියාල හිතලා කවුරු හරි ගායනා කරයි. මම හිතෙනවා. එවන් අවශ්‍යතාවක්‌ ඇතිවෙයි කියා. මේක සුභාවිත ගීයට කරන සත්කාරයක්‌. මේ පොතට ඇතුළත් ගීත සීයට අමතරව මා ලියූ ගීත තවත් ලාච්චුවක්‌ පිරිලා තියෙනවා. මම දිගටම ලියනවා. ගී ලියන එක නතරවේවි, මා මළ පසුව. මගේ සංවේදී අත්දැකීම් ගැන මම හැමදාම ගී ලියනවා. ඒ ජනප්‍රිය වෙන්න නොවේ.

මගේ මහත්තයා නැත්නම් ගීත රචිකාවියක්‌ විදිහට මම හැංගිලා ඉන්න තිබුණා. එයා තමයි මට ආශිර්වාදයක්‌ වුණේ. මම රටේ ගීත රචිකාවියක්‌ කළේ ඔහු. ඔහු වටිනා ගායකයෙක්‌ වගේම මගේ සැමියා වීම නිසා ලියා පැත්තක තිබූ ගීත ජනතාව අතරට ගෙන ආවා. මගේ ගී හොඳම විදිහට රස විඳින පුද්ගලයා තමයි මගේ මහත්තයා. ඔහු සමහර වෙලාවට මා ලියූ ගී කියවලා තනිවම හිනැහෙනවා. අගය කරනවා. පොත එළිදක්‌වන්න පෙරැත්ත කළේ ඔහු. ඉතින් "අම්මා සඳකි" මේ මාසේ 22 දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදක්‌වනවා. ආරාධනා පත්‍ර නෑ. මේ ගීතවලට ආදරය කරන හැම දෙනාටම විවෘතව ආරාධනා කරනවා මේ උළෙලට එන්න කියලා. එදාට මගේ ගීත හත අටක්‌ ගැයෙනවා. මම හදන්නේ මගේ සියලුම නිර්මාණ ලෝකයට දීලා මම අත්හරින්නයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top