Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
10
විශ්වාසයෙන් හිටපු ආදරයෙන් රැවටී පිරිමින්ගේ අතින් අතට ගිය තරුණියකගේ කඳුළු කතාව - Video

- විශ්වාසයෙන් හිටපු ආදරයෙන් රැවටී පිරිමින්ගේ අතින් අතට ගිය තරුණියකගේ කඳුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,639 Views
"කොළඹ රටේ මිනිස්සු හරි නපුරුයි පුතේ"

"ඔයා මාව දාලා යන්නෑ නේද ජනක මම ඔයාට මගේ හැමදේම දුන්නා"

"මම දන්නෙ නැහැ කාගෙන්ද මට මේ ලෙඩේ හැදුනේ කියලා"

තනිකමත් ඇතුලේ දැනෙන තනිකමට වඩා දෙනෝදාහක් දෙනා අතරේ දැනෙන තනිකම හුඟක් දරුණුයි. ඒක දරාගන්න අමාරුයි. විදී වල ඇවිදගෙන යද්දි එහෙම ජීවිතත් මුණගැහෙනවා.

දෙනෝදාහක් දෙනා අතරේ අතින් අතට මාරුවෙච්ච ජීවිත තියෙනවා. මේ කතාව මහමඟ හමුවුණු ගනුදෙනු ජීවිතයක් ගැනයි.

අවිශ්වාසවන්ත බිමක විශ්වාසයේ මල් පිපෙන්නේ නැහැ. අවිශ්වාසවන්ත බිමක කලාතුරකින් විශ්වාසයේ මලක් පිපිණත් ඒ මල් සුවඳ හමන්නෙත් නැහැ. සිහින දකින්නෙත් නැහැ.

මේ කතාවත් මේ වගේ අවිශ්වාසවන්ත බිමක පිපෙන්න සිද්ද වෙච්ච බාඳුරා මලක් ගැනයි.

හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 6 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව ශානි ගැනයි.  ඇය දහසකුත් දේ හිතේ තියාගෙන ගමෙන් කොළඹ රස්සාවක එනවා. ඒ ඇඟලුම් කම්හලක වැඩ කිරීමටයි. නමුත් ඇගේ ජීවිතේ ඇය කවමදාවත් හිතුවේ නැහැ කොළඹ ජීවත් වෙන්න වෙයි කියලා.

ගමක ලස්සනට හැදුනු වැඩුනු ශානි, පුංචි ස්වයං රැකියාව කළත් ඒ ලැබෙන මුදල මදි නිසා පුවත්පතකින් දැකපු මේ රස්සාවට එන්න අයඳුම්පත් දාලා තිබුණා.

පසුව මේ ගැන ශානි මවට කිව්වම ඇයනම් මේකට වැඩි කැමැත්තක් දුන්නේ නැහැ. ඇය ශානිට කිව්වේ "කොළඹ රටේ මිනිස්සු හරි නපුරුයි පුතේ, පරිස්සමෙන් ගිහින් වරෙන්" කියලයි.

ශානිගේ මිතුරියකුත් කොළඹ ජීවත් වුණා. ඒ නිසා ශානිට නොදන්න පළාතකට එන්න හිතේ බයක් තිබුනේ නැහැ. ඒ නිසාම තමයි ඇය කොළඹට එන්න තීරණය කළේ.

කොහොම වුණත් ඒ ඇඟළුම් කම්හලේ  ශානිටයි ඇගේ මිතුරියටත් එකට වැඩ කරන්න ලැබුනේ නැහැ. ඒ නිසාම ශානිට පාළුවක් දැනුනා. ඇය කල්පනා කරා ගමේදි වගේම ස්වයං රැකියාවක් කළානම් හොඳයි කියලා.

ඉතිං ඇය පුංචි මල් බඳුන් වලට එක එක මෝස්තරවලින් වර්ණ දාලා පින්තාරු කරන්න පටන් ගත්තා. ඇගේ ඒ මොස්තරවලට කඩවල් වලින් වැඩි ඉල්ලුමකුත් ලැබුණා.

ඔහොම ඉන්නකොට ශානි හිතවත් වෙච්ච කරුණාවන්ත මුදලාලි කෙනෙකුගේ පුතෙකු දැන හඳුනගන්න ඇයට අවස්ථාවක් සැලසෙනවා.

පසුව දෙන්නා කතාබහකරලා  වැඩි විශ්වාසයක් දෙදෙනා තුලම ඇතිවූ නිසාම දුරකතන අංකය පවා හුවමාරුකරන්නවා. පසුව ශානි ඒ මුදලාලිගෙ පුතා ජනක එක්ක ආදර සබඳතාවයක් පටන් ගන්නවා.

ශානි ජනකට හුඟක් ආදරය කළා. ඒ නිසා ජනක ගැන අවිශ්වාසයක් තිබුනෙත් නැහැ. දෙන්නට දෙන්නා නැතුව ජීවත් වෙන්න බැරි තරමටම ඔවුන් එකිනෙකාට ලංවුණා.

ඔහොම ඉන්නකොට ජනක ශානිට යෝජනාවක් කරනවා නුවර තියෙන මල් පැළ ප්‍රදර්ශනයක් බලන්න යමු කියලා. ශාන් යන්න ආසාවෙන් හිටියත් පුංචි ප්‍රශ්ණයක් තිබුණා. ඒ ශානි නැවතිලා හිටිය බෝඩිමේ 10ට කලින් එන්න කියලා නීතියක් තියෙන නිසා.

කොහොම වුණත් ශානි මේ ගමන යන්න තීරණය කරනවා. ඇය හිතුවා වගේම ගිහින් එද්දි රෑ 10ත් පහුවෙලා. ඊට පසු ජනක යෝජනා කරනවා හෝටලයක දෙන්නා නතරවෙමු කියලා.

ජනකව කසාද බඳින්න හීන දැකපු නිසාම ශානි ඒ ගැන වැඩිය හිතුවෙත් නැහැ. තරුණියක්ව හෝටලයට ගිය ශානි එදා රෑ තමයි ජනක අතින් ගැහැණියක් බවට පත්වුණේ.

පසුව ප්‍රේමවන්තයාගේ කැමැත්තට කොට ඇඳුම් පැළදුම්, මත්පැන් පානය කරන්න, තොල්සායම් උලාගන්න වගේ හැමදෙයක්ම වෙනස් කරන්න ශානිට සිදුවුණා.

ඔය අතරතුර ජනක එක්ක පාටියක ගිය ශානි සිහිය නැතිවෙනකම් හොඳටම බීලා වෙරි වුනාම ජනකගේ මිතුරෙකු අතින් අතවරයට ලක්වෙනවා. පහුවදා උදෑසන ශානි ජනකව  හෙව්වත් ඔහු හිටියේ නැහැ.

දැන් ශානිට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. ඒ පෙම්වතාත් එකපාරටම අතුරුදන් වෙලා, රස්සාවත් නැතිවෙලා. පසුව ඇයට සිදුවෙන්නේ එක එක පිරිමින්ගේ අතින් අතට ගිහින් කොළඹ නිශාචර ජීවිතයට හුරුවෙන්න.

කොහොම වුණත් ජනක පසුව ඇයට දවසක මුණගැහෙනවා.  පසුව ශානිට දැනගන්න ලැබෙන්නේ තමන් පණ මෙන් ආදරය කරපු ජනක ඇයව රවටා ඇති බවයි.

ශානිගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,620 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,404 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  7,002 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,103 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,655 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,400 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,623 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,665 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,111 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,283 Downloads



Top 10 Commenters

Latest Comments

Top