Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
10
අය වැයෙන් මිල අඩු වැඩි වුණු වාහන ගැන සියලු තොරතුරු මෙන්න

- අය වැයෙන් මිල අඩු වැඩි වුණු වාහන ගැන සියලු තොරතුරු මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
2018 අය වැය යෝජනාවලිය අනුව වාහන සඳහා විවිධ බදු හා වෙනත් යෝජනා එක් කර තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් හා ඩිසල් වාහන සඳහා එන්ජින් ධාරිතාව මත පමණක් නිෂ්පාදන බදු අය කෙරෙනවා.

පෙට්‍රල් දෙමුහුන් වාහන සඳහා ද එසේම ක්‍රියාත්මකයි.

විද්‍යුත් වාහන සඳහා බදු පදනම, එන්ජිමේ යාන්ත්‍රික බලය මත තීරණය වනු ඇති.

අය වැය යෝජනා අනුව පෙට්‍රල් හා ඩිසල් වාහන සඳහා අඩු මබදු යවන්නේ එන්ජින් ධාරිතාව 1500ට අඩු වාහන සඳහායි.

පෙට්‍රල් ත්‍රි රෝද රථ සඳහා ඝන සෙන්ටි මීටරයට රුපියල් 2100ක බද්දක් අය වනු ඇති.

විදුලි කාර් බදු රුපියල් ලක්ෂ 10කින් අඩු වූ අතර එන්ජින් ධාරිතාව 2500ට වැඩි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්දක් හඳුන්වා දුන්නා.
ඩිසල් ත්‍රි රෝද රථ ආනයනය මත බදු රුපියල් 50000කින් ඉහළ දැමුවා.

2018 අය වැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් සියලු රථවාහන බදු අඩු වැඩි වන ආකාරය සඳහන් කරමින් අමාත්‍ය මංගල සමරවීර සිදුකළ එම කතාව පහතින්.

"පසුගිය කාලය පුරාවට අපගේ වාහන ප්‍රතිපත්තියේ පවිත්‍ර බවක් හෝ හරිත බවක් තිබුණේ නැහැ. රටේ තිබෙන සියලුම වාහන 2040 වන විට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන බවට පත් කිරීමට අප යෝජනා කරනවා. මේ අරමුණු ඉටු කර ගැනීම පිණිස රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලියෙන් ධාවනය වන වාහන බවට පරිවර්ථනය කරනු ලබනවා. "

මේ සන්දර්භය ප්‍රකාරව, ප්‍රමාණවත් දිරි ගැන්වීම් ව්‍යුහයක් හඳුන්වා දෙනු ලබනවා. විදුලි ත්‍රීරෝද රථ සහ බස් රථ ඇතුලුව, විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන ආනයනය සඳහා ආනයනික බදු අඩු කරනු ලබන අතර, ඛනිජමය ඉන්ධන මගින් ධාවනය වන වාහනවල ආනයන බදු යථාවත් කරනු ලබනවා. එන්ජින් ධාරිතාවය මත පදනම් වූ ආනයනික බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා. මෙමගින් ආනයන ආදායමේ සිදුවන කාන්දුවීම් ද අවම කරනවා.

ගරු කථානායකතුමනි, විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බදු අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 කින් අඩුවන අතර ඛනිජමය ඉන්ධන මගින් ධාවනය වන අති සුඛෝපභෝගී කාර් සඳහා වන බදු දළ වශයෙන් රුපියල් ලක්ෂ 25 කින් වැඩි වනු ඇත.

එන්ජින් ධාරිතාව 2,500 කට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා අප විසින් විශේෂ බද්දක් පනවනවා.

ඒ සමගම, පරිසර හිතකාමී විදුලි ත්‍රීරෝද රථ භාවිතය දිරිමත් කිරීම පිණිස ඞීසල් මගින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා වන ආනයන බදු රුපියල් 50,000 කින් පමණ ඉහළ දමනවා.

විදුලි බස් රථ සහ ත්‍රීරෝද රථ ආනයනය සඳහා වටිනාකමට ණය අනුපාතය 90/10 ලෙස සංශෝධනය කරනවා. දේශීය වශයෙන් එකලස් කරන විදුලි කාර් රථ සහ විදුලි බස් රථ සඳහා ද මෙම පහසුකම ලබා දෙනවා.

වාහන ආනයනයේ දී, නැව්ගත කිරීමට අවශ්‍ය වන්නා වූ පෙර සහතිකවල කොන්දේසි සංශෝධනය කරන අතරම, විමෝචන සහ ආරක්ෂණ ප්‍රමිතීන් හඳුන්වා දෙනවා.

ශ්‍රී ලංගම බස්රථ ඇනියට විදුලි බස් රථ 50 ක් හඳුන්වා දීමෙන් පොදු ප්‍රවාහන පද්ධතිය, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන තත්ත්වයට පරිවර්තනය කිරීමේ ප්‍රමුඛයා බවට පත් කරනවා. පෞද්ගලික බස් හිමියන්ට ද විදුලි බස් රථ යෙදවීම වෙනුවෙන් සානුබල සපයනු ලබනවා.

ජාතික විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලයෙන් ක්‍රියාත්මක විදුලි ආරෝපන මධ්‍යස්ථාන පිහිටුවීම දිරිමත් කිරීමට සානුබල සපයනවා.

මෙම සානුබලයන් කෘෂිකර්මාන්තයට මෙන්ම බිඳිති ජල සම්පාදනය, කුකුඵ පාලනය, ටින් කිරීම වැවිලි ඇතුලු කෘෂි සැකසුම් කර්මාන්තවලට ද හෝටල් කර්මාන්තයට ද ලබා දෙනවා.

කාබන් බද්දක් හඳුන්වා දීමටත් මා යෝජනා කරනවා. මෝටර් බයිසිකල්, කාර් සහ මගී බස් රථ සඳහා අනු පිළිවෙලින් දිනකට ශත 17 ක්, රුපියල් 1.78 ක් සහ රුපියල් 2.74 ක් වශයෙන් මෙම අනුපාතයන් අදාළ වනවා. මෙම අරමුදල් පරිසරය ආරක්ෂා කිරීම සඳහා යොදවනවා.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top