Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
10
දේව වරමින් දරුපල ලබාදෙනවා කියලා මාතර කාන්තාවක් කරගෙන ගිය හොර දේවාලයක් ගැන හෙළිවෙයි - Video

- දේව වරමින් දරුපල ලබාදෙනවා කියලා මාතර කාන්තාවක් කරගෙන ගිය හොර දේවාලයක් ගැන හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,174 Views
"මේ කුඩු වලට තමයි බඩ එනවා කියන්නේ"

"පටලෙකින්ලු බබා හැදෙනවා කියන්නේ"

දරුපල නොමැති කාන්තාවන්ට යම්කිසි බලවේගයක් මඟින් දරුපල ලබාදෙන බව පවසා කිසිදු වගකීමකින් තොරව ප්‍රතිකාර කරමින්  දීර්ඝකාලයක් තිස්සේ  කාන්තාවන් විශාල ප්‍රමාණයක් රවටමින් සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු මාතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඉකුත් 07 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස දරුපල නොමැති කාන්තාවන්ට දරුපල උදාකර දෙන බවට පවසමින් මාතර, නාදුගල ප්‍රදේශයේ දේවාලයක් ආකාරයෙන් මෙම ව්‍යාජ ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි දරුපල නොමැති කාන්තාවන් විශාල ප්‍රමාණයක් මෙම ව්‍යාජ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බව වාර්තා වනවා.

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාන්තාවන් සදහා ලබාදෙන ලද ඖෂධ භාවිත කිරීමෙන් පසු එම කාන්තාවන්ට දරුවෙකු ලැබෙනා ආකාරයට උදරය ඉදිරියට නෙරා පැමිණි ඇති බව සඳහන්.

ඔවුන්ගේ කුස තුල දරුවෙකු නොමැති බවට ස්කෑන් පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව කාන්තාවන් පිරිසක් මාතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශය වෙත මෙලෙස පැමිණිලි කර තිබෙනවා.

කෙසේ වෙතත් දේව වරමකින් දරුපල උදාකර දෙන බවට ප්‍රතිකාර කරනු ලැබූ මෑණියන් ප්‍රතිකාර කරනු ලැබූ කාන්තාවන්ට ස්කෑන් පරීක්ෂණ සිදු නොකරන ලෙසට උපදෙස් දී තිබු බවද සඳහන්.

පැමිණිල්ලෙන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලීසිය උපාය දූතයින් යොදවා සැකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

පොලීසිය විසින් අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී නොයෙක් ආකාරයේ රෝගාබාධයන්ට ප්‍රතිකාර කිරීමේදී යොදාගන්නා විවධ කුඩු වර්ග අඩංගු බදුන්
රාශියක් සොයාගැනීමට හැකිවූ බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට පත් කාන්තාවගෙන් ඖෂධ වර්ග පිළිබඳව විමසීමේදී එම ද්‍රව්‍ය හදුන්වා දීමටත් ඇය අපොහොසත් වූ අතර එහි තිබී රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෙර ඔවුන්ව ලියාපදිංචි කිරීමට පුරවන ලද පෝරම කිහිපයක්ද හමුව ඇති බව සඳහන්.

එම පෝරම වල තිබු දුරකථන අංක කිහිපයකට ඇමතුම් ලබා දී තොරතුරු විමසීමේදී අනාවරණය වූයේ එම සියලුම කාන්තාවන්ට තමන් පැමිණි කාරණය ඉටු නොවීම නිසා මේ වන විට එම ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් වැළකී සිටින බවයි

ඒ අනුව නිලධාරීන් අදාළ කාන්තාව හා ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු අත් උදව්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන ඇති අතර ඔවුන් ඊයේ දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Urumayaka Aragalaya - Saman Lenin ft Dilki Uresha
Urumayaka Aragalaya
Saman Lenin ft Dilki Uresha
⤵  55 Downloads

Sulangaka Ma - Asanka Susew Hewage
Sulangaka Ma
Asanka Susew Hewage
⤵  275 Downloads

Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  872 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  3,598 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  486 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  5,357 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,223 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,754 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,298 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,273 Downloads



Top 10 Commenters

Latest Comments

Top