Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
2018 අයවැය යෝජනා ඉදිරිපත් කිරීම අවසන් - Video

- 2018 අයවැය යෝජනා ඉදිරිපත් කිරීම අවසන් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,743 Views
2018 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම අවසන් වුනා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරනු ලැබු අතර සභාව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබුනා.

අයවැය ඉදිරිපත් කරමින් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ මත්පැන් නිෂ්පාදනය අධීක්ෂණය පිණිසත් තහනම් මත්පැන් නිෂ්පාදනය අවම කිරීමට සහායවීම පිණිසත්, ප්‍රමාණය මත පදනම්ව එතනෝල් නිෂ්පාදනයට භාවිතා කරන අමු ද්‍රව්‍ය මත සුරාබද්දක් පැනවීමට කටයුතු කරන බවයි.

පානීය නොවන මධ්‍යසාර සදහා ලීටරයකට රුපියල් 15 ක් වන සුරා බද්දක් පැනවෙන අතර අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම යෝජනා ක්‍රියාත්මක වන බව මංගල සමරවීර කියාසිටියා.

මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඇප රහිත ණය ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සදහන් කළේ අඩි 55 ට වඩා වැඩි දිගින් යුත් බහුදින ධීවර යාත්‍රා නිෂ්පාදනය සදහා වන පිරිවැයෙන් සියයට 50 ක් රජය දැරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම, දේශීය පොල්තෙල් සහ පොල් මද ආශ්‍රිත නිෂ්පාදන සදහා පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද වසරක කාලයක් ඉවත් කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

මීට අමතරව, මෙරටට ගෙන්වා ප්‍රතිඅපනයනය කරන මැණික් සඳහා පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමට ද තීරණය කළ බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.

මේ අතර, ත්‍රිරෝද රථ සදහා නියාමන අධිකාරියක් පිහිටුවීමට ද, මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

එමෙන්ම, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිරෝද රථ රියදුරන්ට සංචාරක මග පෙන්වන්නන් ලෙස පුහුණුවක් ලබාදීමට යෝජනා වී තිබීම විශේෂත්වයක්.

පාසල් සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට ද නව රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.

සිසිල් බීම වල අඩංගු සෑම සීනි ග්‍රෑම් එකක් සදහාම ශත 50 ක නිෂ්පාදන බද්දක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැනවීමට ද අයවැයෙන් යෝජනා වුණා.

එමෙන්ම, සියලූ මත්පැන් සදහා ජාතිය ගොඩනැගීම බද්දක් ලබන වසරේ අප්‍රේල් පළමුවැනිදා සිට පනවන බවයි මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් සදහන් කළේ.



 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,670 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,410 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  7,098 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,110 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,668 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,407 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,628 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,668 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,111 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,283 Downloads



Top 10 Commenters

Latest Comments

Top