Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
09
"ශේෂාද්‍රි රගපෑමෙන් ඉවත් වෙලා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ උගන්වනවා.." - ශේෂද්‍රිගේ පියා කියයි

- "ශේෂාද්‍රි රගපෑමෙන් ඉවත් වෙලා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ උගන්වනවා.." - ශේෂද්‍රිගේ පියා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

110 Views
 "ශේෂාද්‍රිට නම් රසට උයන්න පුළුවන්.."

"‘ඇයි තාත්තා මට ඇක්ෂන් කිව්වේ නැහැ නේ.. කිව්වා .."

ඩිනක්ෂි, ශේෂාද්‍රිව හා ශනුද්‍රි ප්‍රියසාද් කියන නම් තුන ප්‍රේක්ෂකයින්ට අමුතු අය නෙමෙයි. හැමෝගෙන්ම මේ තුන්දෙනා එක වගේ ආදරේ ලබනවා. මේ තුන්දෙනා ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂ හා නිෂ්පාදක දිනේෂ් ප්‍රියසාද්ගේ ආදරණිය දියණියන් තුන්දෙනා බවත් හැමෝම දන්නවා. ඔහු දරුවෝ හා අලුත් තොරතුරු ගැන පුවත්පතක් එක්ක කතා කරලා තිබුණේ මෙලෙසිනුයි.

“ අලුත් ප්‍රදේශයේ වාස දේස කොහොමද?”
“කාලයක පටන් අපේ සිතේ තිබුණු හීනයකුයි මේ සැබෑ වුණේ. මේ ප්‍රදේශයට ඇවිත් ගතවුණේ තවම මාස හයක වගේ කාලයක්. අවිවේකී පරිසරයෙන් මිදිලා නිස්කලංක පරිසරයක නිවෙසක් තනාගෙන ජීවත්වන්නට ලැබීම සතුටක්.”

“කාලයක පටන් කළ සැලසුමක් ද මේ සඵල වුණේ”
“මුලින් ම මේ තරම් දුරකට පදිංචියට පිවිසෙන්න අපේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් පසුගිය කාලයේ අප සියලුදෙනා ම අපේ ම කියලා නිවෙසක සිහිනය සැබෑකර ගැනීම ඉක්මනින් ම කළ යුතු යැයි කියන මතයේයි සිටියේ. කාලයක් පටන් ඒ සඳහා අවශ්‍ය කරන පරිසරයක් සොයමිනුයි කාලය ගත කළේ. ඒ අතර ඊට සුදුසු පරිසරයක් සහිත නිවසක් ගැන හදිසියේ ම අපට අසන්නට ලැබුණා. එය තිබෙන්නේ කොළඹට තරමක් දුර හෝමාගම ප්‍රදේශයේ වුණත් එහි අවට පරිසරයත්, නිවෙසත් අපේ සිත් ගත්තා. ඉක්මනට ම පදිංචියට ආවා.”

“ඔබ මේතරම්ම මේ දවස්වල කාර්යබහුල වී සිටින්නේ ඇයි?”
“ඉදිරියේදි මගේ චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතයි. ඒ ‘ඇද්ද ලනුව දැම්ම කොඩිය’, හා ‘රහයි ජීවිතේ’ කියන චිත්‍රපටයි. ඊට අමතරව දැවැන්ත චිත්‍රපටයක කටයුතුවලට මුල් වීලයි සිටින්නේ. ඒ මගේ පැරැණි චිත්‍රපටයක් වන ‘දෙමෝදර පාලම’ නව නළු - නිළියන් යොදා ගනිමින් නව චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය කරන කටයුත්තේයි මා මේ දවස්වල නියැළී සිටින්නේ. එහි වැඩිදුර විස්තර පසුව කියන්නම්.”

පෙරැළිකාරයෝ තිරයට රැගෙන පැමිණි කාලයේ වගේ ම තවමත් කාර්යබහුල අධ්‍යක්ෂවරයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ නිවෙසේ දියණියන් තිදෙනාත් ඔහුත් මුණ ගැසෙන්නේ එක් එක් වෙලාවලටයි. ඔහු අලුයම යන විට දියණිවරුන් නිදි නිසා මුණ නොගැසෙන තාත්තාලා දූලා කාලයකට පස්සේ අද තමයි මේ විදියට මුණ ගැසෙන්නේ.

“දියණියන් තිදෙනා නිළියන් වීම ගැන මොන වගේ හැඟීමක්ද ඔබගේ සිතේ තිබෙන්නේ?”
“මම ඔවුන්ට කිසිම දවසක කියලා නැහැ රඟපාන්න කියලා. ඒ වගේ ම රඟනොපා ඉන්න කියලත් නැහැ. ඒ වගේ ම රඟපෑමෙන් දායක විය යුත්තේ ටෙලි නාට්‍යවලටද, චිත්‍රපටවලටද කියලා කියලාත් නැහැ. ඔවුන් හොඳට රඟපාන බව පෙනෙනවා. ඒ ගැන සතුටුයි. ශේෂාද්‍රි නම් සිටියේ කොහොමත් රඟපාන්න කැමැත්තෙන්. ඈව රඟපාන්න ගන්නේ උදයකාන්ත වර්ණසූරිය. ඔහුගේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයටයි ඈව ගන්නේ. පසුගිය දිනවල ඈ රඟපෑ සූම් චිත්‍රපටයේ රඟපෑ චරිතය සඳහා සිග්නිස් සම්මාන උලෙළේදි කුසලතා සම්මානයක් ලැබුණා.”
මේ දවස්වල ඈ තරමක් ඉන්නේ රංගයෙන් ඈත්වෙලා. ඒත් ශේෂාද්‍රිගේ වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන්නේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ පුංචි ළමයින්ට උගන්වන කටයුතුවලටයි.
ඩිනක්ෂි නම් සිටියේ එහෙම රඟපාන අදහසක් ඇතිව නොවෙයි. ඈ ඒ කාලයේ වැඩිපුරම අවධානය දුන්නේ පාඩම් වැඩවලට. නිවෙසෙන් අවිහිංසකම දැරිවිය වුණු ඩිනක්ෂි කවදාවත් අධ්‍යාපනයෙන් ඉහළට යාවි ය යන අදහසේයි තිබුණේ

“ඩිනක්ෂිගේ දස්කම් දැක්කේ ඈ රඟපාන්නට පටන් ගත්තාට පස්සේ. රංගනයට වගේ ම ඈ අධ්‍යක්ෂණය, සංස්කරණය පිළිබඳත් හදාරන්නට බොහොම උනන්දුයි.”

 සම්මාන උලෙළ කිහිපයකමත් සම්මාන ලබාගැනීමට ඈට හැකි වන්නේ ඇගේ ඒ දක්ෂකම නිසාමයි. චුට්ටි ශනුද්‍රි රඟපෑමට පිවිසෙන්නේ කුඩා කාලයේදිමයි. ඒ ‘ඔන්න බබෝ’ චිත්‍රපටයෙන්.

“ඈට රඟපාන්නට තිබුණේ සංගීතාගේ දියණිය විදියටයි. මම ඈට කළ යුතු දෙය කියලා රඟපානතුරු බලාගෙන සිටියා. ඒත් එකපාරටම ශනුද්‍රි දුවගෙන ආවා. ඇයි ඔයා කිව්ව විදියට නොකළේ මා විමසුව විට ඈ එදා කිව්ව වචන පෙළ මට අද වගේ මතකයි. ‘ඇයි තාත්තා මට ඇක්ෂක් කිව්වේ නැහැ නේ’. ඒ රඟපෑම ඈ කළේ මා ඇක්ෂන් කියනතුරු ඉඳලයි.”
දියණිවරුන් රඟපාන ටෙලි නාට්‍ය නරඹන්නේ ඔවුන්ගේ මෑණියන්. මේ දවස්වල ඈ වැඩි අවධානයෙන් නරඹන්නේ මේ දෙන්නා රගපාන වඩාත් ජනප්‍රිය නාට්‍ය දෙකක්.
“මා කොහොම හරි මේ ටෙලිනාට්‍ය දෙක නම් නරඹනවා. අඩුම ගණනේ මේ දෙක ඒ වෙලාවට නරඹන්න බැරි වුණොත් යූ ටියුබ් හරහා ගිහින් නරඹන්න මා අමතක කරන්නේ නැහැ. ඒ අතර චූටි දුවත් එක්ක රූගත කිරීම්වලටත් සහභාගි වනවා. අනෙක් වෙලාවට මගේ දවස ගෙවෙන්නේ නිවෙසේ කටයුතුත් එක්කයි. තවමත් නිවෙසේ උයන පිහන කටයුතු කරන්නේ මමයි. සමහර දවසකට ශනුත්, ඩිනක්ෂිත් ඒ කටයුතු කරන දවස් නැතිවාම නොවෙයි. ශේෂාද්‍රිරිට නම් රසට උයන්න පුළුවන්. ඩිනක්ෂි හා ශනුත් වැඩිපුරම හදන්න කැමැති කේක් ඇතුළු අලුත් කෑම වර්ගයි. ඒත් ඉතිං මේ අය උයන දවසට මම සතියක් උයන දේ එක දවසකින් ඉවර කරන එකයි තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ”
ශිරාණි කියන්නේ සිය දියණියන්ගේ වැඩකටයුතු ගැනයි. ඒ කතාබහ අතරට පිවිසෙන ශනූ නිවෙසේම සිටින දඟකාරියයි. ඈ ළඟදි හැදුව පැටිස් ගැන අනෙක් අයට තිබෙන්නේ වෙනස්ම අදහසක්.

“ඒ තරමටම ශනූගේ පැටිස් රසද?”
“රස කොහොම වෙතත් ශනූ පැටිස් නම් හැදුවා. ඒක අගය කරනවා.”
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top