Biplab Hazra කියන්නේ ඉන්දියාවේ ඉන්න දක්ෂ සම්මාන ලාභී ඡයා රූප ශිල්පියෙක්. ඔහුගේ කැමරා කාචයට අහම්බෙන් සටහන් වෙන සංවේදී ඡයා රූපයක් වනජීවී ඡායාරූප තරගයකින් පළමු ස්ථානයට පත් වෙනවා. මේ ඡයා රූපයේ දැක්වෙන්නේ අලි අම්මා හා අලි පැටියෙක් දුවන දර්ශනයක් හා අලි පැටවාගේ පසුපස ගින්නෙන් දැවෙන ආකාරයයි. මේ දර්ශනය ලෝකයේම අවධනය යොමු වෙන්න තරම්ම සංවේදී වී තිබෙනවා.
සම්මානයට ලක් වූ ඡායාරූපය ගෙන තිබෙන්නේ අලි මිනිස් ගැටුම් බහුල වශයෙන් වාර්තා වන බටහිර බෙංගාලයේදී. ඡායාරූපයේ දැක්වෙන බන්කුරා දිස්ත්රික්කයේ සැරිසරමින් සිටි අලි දෙදෙනාට කුමක් සිදු වුවාද යන්න සදහනක් නැති නමුත් මේ අලි දෙදෙනා එම ප්රදේශයේ ජනතාවට හිරිහැර කිරීමට යාම නිසා තාර බෝල හා රතිඤ්ඤා වලින් මේ අලි දෙදෙනාට පහර දී තිබෙනවා. එහිදී අලි අම්මාගේ ශරීරය බේරුණත් පැටවාගේ ශරීරය ගිණිගන්නවා.
මෙම ප්රදේශයේ අලි මිනිස් ගැටුම උග්ර ලෙස පවතින බවත් සදහන් වෙනවා. ඒ වගේම දිනපතා අලි මිනිසුන්ට පහර දීම නිසා මිය යන බවත් සම්මානය පිළිබඳ නිවේදනය කරමින් ‘Sanctuary’ නමැති සඟරාව සඳහන් කර තිබුණේ එලෙසයි.