Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
"අමිතාබ් රේඛා එක්ක ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත් මොහොතේ මම සෑහෙන්න දුක් වුණා.." - Photos

- "අමිතාබ් රේඛා එක්ක ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත් මොහොතේ මම සෑහෙන්න දුක් වුණා.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,826 Views
"මගේ සැමියා එක්ක ඇය විවාහ වුණාලු.."

"මම එයාගෙන් ඒ ගැන ඇහුවා.."

හැමෝම ඉපදෙන්නේ නිර්වස්ත්‍රව. එය කිසිකෙනෙකුගේ අත්වැරදීමක් නෙමෙයි. නිර්වස්ත්‍රව ඉපදෙන හැමෝම හැදිවතින් සැරසිලා පොළොවේ අඩි හයකින් වැලලෙනවා. දුප්පත් කළලයක් මේ ලොව එළිය දකින එක කිසිකෙනෙකුගේ අත් වැරදීමක් නොවුණත් දුප්පත්ව මිය යාම තමන්ගේ අත්වැරැද්දක් කියලයි කියන්නේ.ඒ වගේම තමයි හැමෝගෙම ආදරේ හැමෝටම ලැබෙන්නෙත් නැහැ. මේ කියන්න යන ඇය හැමෝගෙන්ම ආදරේ ලබන කලාවට දක්ෂතා වැපිරුව කෙනෙක්. ඇය නමින් ජායා බච්චන් (Jaya Bhaduri Bachchan.) ආසියාවේම දිගු කාලීනව දිලෙන සුපිරි තරුව අමිතාබ් බච්චන්ගේ ආදරණිය බිරිද ඇයයි.ඒනිසාම හිරුගොසිප් අපි හිතුවා ඇය ගැන තොරතුරු මෙසේ පරිවර්ථනය කර පලකරන්න

"මම ඉපදෙන්නේ වර්ෂ 1948 අප්‍රේල් 9දා. බෙන්ගාලිවල.මගේ අම්මා ඉන්දිරා භඩුරි.පියා ටාරෝන් කුමාර් භඩුරි,ඔහු ලේඛකයෙක් ඒ වගේම මාධ්‍යවේදියෙක්. ඒ විතරක් නෙමෙයි. වේදිකා ශිල්පියෙක් විදිහටත් වැඩ කළා.මම ඉන්දියාවේ ශාන්ත ජෝශප් කන්‍යාරාමයේ ඉගෙන ගත්තේ. පාසලේ හොදම ශිෂ්‍යයා වෙන්නත් මට වාසනාව ලැබුණා.මගේ තාත්තා කලාවට සම්බන්ධ නිසා පුංචි කාලේ ඉදලම මම හීන දැක්කේ නිලියක් වෙන්න. තාත්තා නිතරම කලාකරුවෝ ආශ්‍රය කළා. මම ඒ කාලේ හරිම ලස්සනයි.පුංචි කාලේ ළමයි වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කරන්න ආසයි. ඒත් මම ගෙදර මගේ කාමරේ දොර වහගෙන හැමෝට හොරෙන් සාරි ඇදලා කොන්ඩේට එක එක විලාසිතා කරලා බිත්තියේ හෙවණැල්ල එක්ක රගපෑවා..."

ඇය කියන්නේ එහෙමයි.රගපාන්න හිනමවපු ඇය ඒ නිසාම බොලිවුඩයේ සිනමා කර්මාන්තයට නැතුවම බැරි රංගන ශිල්පිණියක් බවට පත් වෙනවා.ගෙදරට හොරෙන් හොරෙන් රගපාන ඇයට  අවුරුදු 14ක් සපිරෙද්දීම Satyajit Ray අධ්‍යක්ෂණය කරන Mahanagar කියන බෙන්ගාලි නිර්මාණයට අවස්ථාව උදා කරගන්නවා.ඒ වර්ෂ 63දී. එතැනින් පටන් ගන්න නිලි ගමන ඇය තවම නතර කරන්නේ නැහැ.මේ වෙනකොට ඇය ඉන්දියාවේ හින්දි සිනමාව තුල පෙරළිකාර චරිතයක් වී හමාරයි. ඒ වගේම වෘත්තීය ජීවිතය තුළදී ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන අටක් දිනා ගන්න සමත් වෙනවා.ඒ විතරක් නෙමෙයි දේශපාලනයටත් ඇයගේ සක්‍රිය දායකත්වය ලබා දෙනවා.

  Uphaar (1971), Piya Ka Ghar (1972), Parichay (1972), Koshish (1972) Bawarchi (1972)Jawani Diwani, (1972), Anamika (1973),යන සිනමාපට වලින් ජනාදරයට පත් වෙන ඇය මේ වනවිට සිනමාපට 47කට පමණ රංගනයෙන් සහභාගී වී තිබෙනවා.

"මම විවාහ වෙන්නේ වර්ෂ 1973 ජුනි මාසේ 03 දා.විවාහයෙන් පසුව නිෂ්පාදනයටත් සම්බන්ධ වුණා. මම තවමත් රගපාන්නේ හරිම කැමැත්තෙන්. මගේ ජිවිතේ මුල්තැන මගේ සැමියා හා පවුල. ඒ නිසයි දැන් මාව වැඩිය දකින්න නැත්තේ. මගේ මිණිබිරියත් එකට හේතුවක්. එයාගේ හුරතල් එක්ක මගේ කාලේ ගත වෙනවා.. දශක පහකට ආසන්න කාලයක් පුරා බොලිවුඩය සිනමා චරිතවලින් මගේ ආදරණිය සැමියා රසවත් කළා. එයා එදා වගේම අදටත් ජනප්‍රියයි. මට වඩා. මම ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම මගේ දුව හා පුතා දරුවෝ හැටියට ආදරේ දෙනවා. මම ඒ ආදරේ විදිනවා.."

60 - 70 දශකයේ සිනමා තිරය තුළ අමිතාබ් බච්චන්ගේ අහිංසකම පෙම්වතිය වෙන්නෙත් ඇයයි.බොලිවුඩ් සිනමාවේ සංකේත තරු යුවළ වන්නටද ඔවුන්ට පුළුවන් වෙනවා.

"අපි දෙන්නා තිරයේ පෙම්වතුන් වුණා වගේම සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් වුණා. පෙම්වතුන් වෙනකොට අපි අතර රණ්ඩු තිබුණා තරහා වීම් තිබුණා. විවාහ වුණාට පස්සේත් ඔහු මට වඩා කෙනෙකුට ආදරේ කළා. 1976 වසරේ Do Anjaane චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට රගපෑවේ රේඛා අමිතාබ් එක්ක. ඒ කාලේ මේ දෙන්නා යාළු වෙලා පෙම්වතුන් වෙලා කියලා රාවයක් පැතිරුණා. රේඛා අමිතාබ් එක්ක හොරෙන් විවාහ වෙලා ඉන්නේ එයා මංගල තැල්ල දානවා සින්දුර් ගානවා කියලා බොහෝ අය කිව්වා. මමත් ඒක දැක්කා. ඇත්තටම ඒ මොහොතේ මම ගොඩාක් දුක් වුණා. ඊර්ශ්‍යාවක් ඇති වුණා. මට මගේ සැමියාගේ ආදරේ අහිමි වෙයිද කියලා.මම මේ ගැන අමිතාබ්ගෙන් වරක් ඇහුවා. ඔහුගේ උත්තරය නිහඩයි. මම එතැනින් පස්සේ ඒ ගැන හිතුවේ නැහැ. ඔහුගෙන් ඇහුවෙත් නැහැ... දවස් ගෙවිලා ගියා. මගේ තනිය මකන්න දරුවෝ දෙන්නෙක් හිටියා. අපි කාර්ය බහුල කලාකරුවෝ වුණා. මොන ප්‍රශ්න ආවත් මම මගේ විවාහ ජීවිතය කඩා ගත්තේ නැහැ. මම මැරෙනකල් මගේ සැමියා ඔහුයි...ඒ වගේම කියන්න ඕන මම මගේ සැමියාට ආදරෙයි කියලා. හැමදාමත් ඔහුගේ වැඩකටයුතු සිදු වුණේ මගේ අතින්. ඔහු මට වඩා සෑහෙනට උසයි. ඔහුගේ ටයි පටිය බදින්න ඕනෙත් මමමයි. උස නිසා මම බොහෝම අපහසුවෙන් ඒ කාර්ය කරන්නේ. ඒකට පොඩි ස්ටුල් එකක් තියාගෙන හිටියා..ඇත්තටම ඒ ජිවිතේ මට නම් සුන්දරයි.."

ඇය එහෙම කියද්දී මාධ්‍ය නම් පුවත් මවන්නේ ඔවුන් දෙදෙනා ජීවිතය ගෙවන්නේ දෙතැනක කියලයි.ගමන් බිමන් නිර්මාණ වලට මේ දෙන්නා එකට ගියත් දෙදෙනාම නිවෙස් දෙකක ජිවත් වෙන බවත් කියැවෙනවා. කොහොම නමුත් ජායා හා ඇයගේ ලේලි ඓශ්වර්යා අතරත් අමනාපකම් තිබෙනවා කියලත් පැවසෙනවා. කොහොම නමුත් අමිතාබ් හා ජායා ලගදී වෙළෙද දැන්වීම් දෙකකටත් සම්බන්ධ වී තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  252 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  21,800 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,500 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,642 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,760 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,922 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,882 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,610 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  639 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,400 Downloads



Top 10 Commenters

Latest Comments

Top