සිය පියා තමන් වැඩිවියට පත්වූ දිනයේ සිට අයුතු යෝජනා කරමින් අතවර සිදුකරන බව පවසමින් බාලවයස්කාර පාසල් දැරියක් සිදුකළ පැමිණිල්ලකට අනුව නරුම පියෙකු අනුරාධපුර මූළස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර ඇලයාපත්තුව මහමංකඩවල පදිංචිව සිටින 13 හැවිරිදි සිසුවියක් ඇගේ මව සමගින් පැමිණ මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල මත 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙක්.
සැකකාර පියා තමන් වැඩිවියට පත්වූ දිනයේ සිට ඇස් ගසමින් ශරීරය ස්පර්ශ කරමින් තමාට විවිධ හිරිහැර සිදුකරන බවත්, එසේ නොකරන ලෙස ඉල්ලූ අවස්ථාවේදී ‘‘උඹලව පිටට දීලා බෑ“ යනුවෙන් පවසන බවත් දැරිය හඬමින් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිවරියට පවසා තිබුණා.
මෙම සැකකරුට 21 හැවිරිදි පුතකු හා තවත් දියණියක සිටින බව පොලිසිය පැවසුවා.