Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
අපි ආවේ හොරකම් කරන්න නෙමේ, සම්මුතිවාදී ආණ්ඩුවක් විදියට යනවා නම් යහපාලනයට කැප වෙන්න ඕනේ- ජනපති බැඳුම්කර කොමිසම ගැන කියයි

- අපි ආවේ හොරකම් කරන්න නෙමේ, සම්මුතිවාදී ආණ්ඩුවක් විදියට යනවා නම් යහපාලනයට කැප වෙන්න ඕනේ- ජනපති බැඳුම්කර කොමිසම ගැන කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,170 Views
"කොමිසම පත් කළේ ආණ්ඩුවේ පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නෙමේ"

"ආණ්ඩුවේ ම ඉතා සුළු පිරිසක් මට විරුද්ධව චෝදනා කරනවා "

"සල්ලි වියදම් කරලා ෆේස් බුක්, වෙබ්, පත්තර, විදේශ මාධ්‍ය අල්ලාගෙන මට ගහනවා "
 
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළේ කිසිවෙකු ඉලක්ක කරගෙන නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අපවත්වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණ අනුස්මරණ දිනය වෙනුවෙන් බත්තරමුල්ල - අපේගම පරිශ්‍රයේ ඉදිකෙරෙන ස්මාරකයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (08) එක්වෙමින්.

 ‘‘දැන් අපි හොඳට බැනුම් අහනවා පෙට්‍රල් ප්‍රශ්නෙට. මගේ කෑලි ගලවනවා. මට බනින අය හිතාගෙන ඉන්නවා. මම තමයි පෙට්‍රල් බෙදන්න කියලා ෂෙඩ්වලට. ඉස්පිරිතාලේ ස්ට්‍රයික් එකක් වුණත් මට බනිනවා. හිතාගෙන ඉන්නෙ මම තමා ගිහිල්ලා බෙහෙත් දෙන්නේ කියලා. පාසලට ළමයෙක් දාගන්න බැරි වුණාම මම තමයි වැරදිකාරයා. මේකට හේතුවක් තියෙනවා. ජනාධිපතිවරුන් පුරුදු කරලා තියෙනවා ඒ හැමදේම ජනාධිපතිවරයා විසින්ම කරලාදීලා. ඒක තමයි ඇත්ත කතාව. මේ රටේ ජනාධිපතිවරු පෙට්‍රල් ෂෙඩ්වලට තෙල් ගහපු නැති එක විතරයි නොකලේ. අනෙක් ඔක්කොම කලා. අපි රජයක් විදිහට සම්මුතිවාදී ආණ්ඩුවක් විදිහට කටයුතු කරනවා නම් අපි කතා කරන යහපාලනයට අපි කැපවෙන්න  ඕන. වැරදි කරන  ඕන කෙනෙක්ට දඬුවම් කිරීමට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. ඒක හරියටම ක්‍රියාත්මක වෙන්න  ඕන. ඒක ක්‍රියාත්මක නොවන එකයි ප්‍රශ්නෙ."

"මම ඇමති මණ්ඩලයේ කතා කරලා තියෙන දේවල් ඇමතිවරු දන්නවා. බැඳුම්කර නිකුතුවේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කරලා තියෙන ජනාධිපති කොමිසම පත් කිරීම පිළිබඳව ආණ්ඩුවේම ඉතා සුළු පිරිසක් මට විරුද්ධව දැඩි ලෙස චෝදනා කරනවා. ඒ පිළිබඳව වැරදි විග්‍රහ කරනවා. ෆේස්බුක් වෙබ් සයිට් කැම්පේන් සති අන්ත පුවත්පත්වල පිටු ගණන් ලියනවා. ඒවා සල්ලි වියදම් කරලා අද ක්‍රියාත්මක වනවා. ලංකාවෙන් පිට තියෙන මාධ්‍ය ආයතන පාවිච්චි කරලා ආණ්ඩුවේම සමහර අය මට බනිනවා. සෝභිත හාමුදුරුවෝ ජීවමානව හිටියනම් උන්වහන්සේ මට උපහාරයක් තියනවා මම ජනාධිපති කොමිසමක් පත් කරලා කරපු දේ හරියි කියලා. අපි මෙතනට ආවේ මොනවට ද අපි ආවේ සාක්කු පුරවගන්න ද ? මම ජනාධිපති කොමිසම පත් කළේ ආණ්ඩුවේ පුද්ගලයෙක් ඉලක්ක කරලා නෙවෙයි. ආණ්ඩුවේ ඇමතිවරු ඉලක්ක කරලා නෙවෙයි. සෙන්ට්‍රල් බෑන්ක් එකේ සිද්ධිය ගැන ඒවෙලාවේ තිබුණු තත්ත්වය මේ රටේ ජනතාව දන්නවා. ඡන්දෙන් ජයග්‍රහණය කරලා ආණ්ඩු හදලා මාස 3 කින් මේ විනාශය කෙරුවා. මේකට වගකිව යුත්තෝ වගකියන්න  ඕන.’’


Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,074 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,835 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  14,966 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,648 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,320 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,815 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,372 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,256 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,413 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,552 Downloads



Top 10 Commenters

Latest Comments

Top