මාව හප්පලා එයා රෝහලෙන් පැනලා ගියා - ඕෂධී
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලෙහි රාත්‍රී 10ට පැවති චිත්‍රපටය අවසන්ව නිවස බලා යමින් සිටි ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම ගමන් ගත් රිය අනතුරකට පත්ව ඇතිබවට හිරු ගොසිප් වෙත වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ ඇයත් සමග සැමියා සහ තවත් මිතුරෙකු රථයේ ගමන් කර සිටි බවත් වාර්ථා වේ. එම මිතුරා නිවසට ඇරලවීම සඳහා තලාහේනට යමින් සිටියදී බත්තරමුල්ලේදී අනෙක් පසකින් ආ වාහනය ඕෂධී ගමන්ගත් වාහනයේ මුහුණට මුහුණ වැදී ඇති අතර එහි රියැදුරු බීමතින් සිටි බවද හිරු ගොසිප් වෙත සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් ඕෂධී පැවසුවා.
අනතුරෙන් සුළු තුවාල ලැබූ එම රියදුරාද රෝහල් ගත කර ඇති නමුත් ඔහු රෝහලෙන් පැනගොස් සිටියදී පොලිසිය විසින් අද උදෑසන (09) නැවත අත්අඩංගුවට ගෙන ඇති බවත් ඕෂධී පැවසුවා. කෙසේ නමුත් මේ වන විට තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගනිමින් සිටින ඕෂධී හෙට (10) දිනයේදී තමාට රෝහලෙන් පිටව යෑමට බොහෝ දුරට ඉඩකඩ ලැබේවියැයි ද වැඩිදුරටත් පැවසුවා.
ඕෂධී සිද්ධිය සිදුවූ අයුරු විස්තර කළ අයුරු පහතින් අහන්න