හම්බන්තොට කාන්තා මහා සංගමයේ ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කද මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි ගිය අප වාර්තා කරුට දක්නට ලැබී තිබෙනවා.
කාන්තා මහා සංගමයේ අධ්‍යක්ෂිකා ශ්‍රියාණි මංගලිකා මහත්මිය පවසා ඇත්තේ මින් පෙර මෙම ගෙවත්තේ කෙසෙල් ගස් තිබු නමුත් කවදාවත් මෙවැන්නක් සිදු නොවු බවයි.
සාමානයෙන් කෙසෙල් කැනක් ගසේ අතු අතරින් හටගන්නා නමුත් මෙලෙස ගසේ කදෙන් කෙසෙල් කැන් වැටෙනු දැක නැති බවත් ඇය සඳහන් කර තිබෙනවා.