Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
31
ඩෙංගු මාරයාට බිලිව දෙනෙත් පියාගත් කවිනි ගෙන් පසු විදුහලත් කැළඹුණු හැටි - Photos

- ඩෙංගු මාරයාට බිලිව දෙනෙත් පියාගත් කවිනි ගෙන් පසු විදුහලත් කැළඹුණු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

94 Views
සිසුන් 3000 කට ආසන්න පිරිසක් පාසල් ඇවිත් නැහැ...

සිසුන් 50 ක් ගුරුවරුන් 15 ක් ඩෙංගු වැළදී රෝහල්..

ඩෙංගු රෝගය විශාල වශයෙන් පැතිර යාම හේතුවෙන් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ දරුවන් 3000කට ආසන්න පිරිසක් හා ගුරුවරුන් 60 දෙනෙකු පමණ ද ඊයේ (30) පාසල් පැමිණ නොමැති බව වාර්තා වනවා.

මෙහි සිසුන් 50ක් පමණ හා ගුරුවරුන් 15 දෙනෙකු පමණ ඩෙංගු වැළඳී රෝහල්ගත කර ඇතැයි සඳහන්.

6 වන ශ්‍රේණියේ දරුවකු ඩෙංගු රෝගය නිසා පසුගිය සතියේදී මියගොස්‌ ඇති අතර රෝහලේනේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ ඔහුගේ දියණිය ද ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ද වනවා.

මෙම තත්ත්වය යටතේ මෙම පාසලේ දරුවන්ගේ මෙන්ම ආචාර්ය මණ්‌ඩලයේ පැමිණීම ද පහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම පාසලේ සිසුන් 4200 ක්‌ පමණ ඉගෙන ගන්නා අතර ගුරු මණ්ඩලය 165 ක්‌ වනවා.

පාසල් භූමියේ රසායනාගාර ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් තාවකාලිකව නවතා තිබෙන අතර ඉදි කිරීම් භාරව සිටින කොන්ත්‍රාත්කරුගේ නොසැලකිළිමත් කමින් වැඩබිම ප්‍රදේශය පුරා ජලය රැස් වී පවතින බව ද අප වාර්තාකරු කියා සිටියා.

පාසල් ඉඩම දෙපස පිහිටි කුරුණෑගල වැවිලි සමාගම සතු ඉඩමේ සහ වයඹ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩමේ විවිධ ස්‌ථානවල මදුරු වළවල් තිබෙන බව ද සඳහන්.

කුරුණෑගල මෙම පාසලේ පමණක් නොව අවට පාසල් ද ඩෙංගු අවදානමට ලක් වීමට ඉඩ ඇතැයි අප වාර්තාකරුවන් කියා සිටිනවා.

විශේෂයෙන් ඇතුගල අවට විශාල වලවල් ඇති අතර ඒවායේ ජලය පිරි ඩෙංගු කීටයන් බෝ වන බවයි ඔවුන් පවසන්නේ.

වැල්ලව, මද්දේගම ප්‍රදේශයේ පදිංචිව සිටි කුරුණෑගල සර් ජෝන් කොතලාවල  විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කවිනි ගයේෂා ලංකාතිලක නමැති අවුරුදු 11ක දියණියක් ඩෙංගු වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වුනා.

මෙම දියණියට වැඩිමහල් සහෝදරියක්ද සිටින අතර ඇය එම පාසලේම 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

උණ රෝගය වැළඳීමෙන් පසුගිය 21 වනදින කවිනි කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර ඩෙංගු රක්තපාත තත්වයට පත්වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කළ පසු ඉකුත් 25වන දින මියගොස් තිබුණා.

මෙම සිසුවිය 2012 වසරේදීත් ඩෙංගු රෝගයට ගොදුරුව තිබෙනවා.

සිසුවිය මිය යන විටත් එම පාසලේ ඉගෙනගන්නා පාසලේ සිසුවියන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් සහ පාසලේ සංගීත විෂය භාර ගුරුතුමියද මේ වනවිට ඩෙංගු රෝගය වැළඳීමෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වර්තා වන්නේ.

 ප්‍රදේශයේ ජනතාවගෙන් 150ක් පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ද ඒ වනවිට වාර්තා වුනා.

පාසලේ නව ඉදිකිරීම් කටයුතු සිදුවන අතර වැසි කාලය ඉක්ම යාමත් සමග ඉදිකරමින් පවතින ස්ථරවල ජලය රැඳීම හේතුවෙන් සර් ජෝන් කොතලාවල බාලිකා විද්‍යාලයේ ඩෙංගු පැතිර යන බවටයි වාර්තා වන්නේ.

මෙම පාසලේ පමණක් නොව කුරුණෑගල ප්‍රදේශයේ තවත් පාසල් බොහොමයක දරුවන් ඩෙංගු රෝගය වැළඳීමෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එම විද්‍යාලවලද නව ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙම තත්වය උද්ගත වී තිබෙනවා.

තවද එම පාසල්වල සහ පන්තිවල ඉඩ ප්‍රමාණයේ අඩුවක්ද දක්නට ලැබෙනවා.

කුරුණෑගල මහා නගර සභාවේ අතිරේක වෛද්‍ය නිළධාරී රෝහණ සමරකෝන් අප වාර්තාකරුවන්ට පවසා ඇත්තේ සඳහන් කළේ කවිනි ඉගෙනගත් පාසලේ ඩෙංගු කීටයින් සිටින බවට කිහිපවරක් තොරතුරු ලැබුණ බවත් ඒවා විනාශ කර දැමීමට පියවර ගත් බවයි.

පසුගිය කාලවකවානුව තුළ කුරුණෑගල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගයෙන් මරණයට පත්වූ කිසිවෙක් වාර්තා නොවූ අතර මෙය ප්‍රථම අවස්ථාව වනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top